Highlights
- වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews, rapid antigen පරීක්ෂණයකදී COVID-19 සඳහා ධනාත්මක බවට පරීක්‍ෂා වී ඇත. උගුරේ අමාරුව සහ උෂ්ණත්වය ඉහළ යාම ඇතුළු මෘදු රෝග ලක්ෂණ තමාට ඇති බව Daniel Andrews පැවසුවේය. දැන් ඔහු දින 7 ක් හුදකලා වී තිබේ.
- ගතවු පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 8,739 ක් වාර්තා වී ඇත.
- 17,450 ක්ව ඉරිදා පැවති නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව සඳුදා 16,199 දක්වා පහත බැස තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව පිළිවෙලින් 24,803, 23,702 හා 19,843 ලෙස වේ.
- NSW ප්‍රාන්තයේ හෙදියන් සහ වින්නඹු මාතාවන් මාර්තු 31 දින පැය 24ක වැඩ වර්ජනයක් සැලසුම් කරයි. ඔවුන් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටින අතර, බොහෝ දෙනෙක් COVID-19 හේතුවෙන් අසනීප වී හෝ හුදකලා වී රැකියාවෙන් ඉවත්ව සිටිති. සති හයක් තුළ ඔවුන්ගේ දෙවන වැඩ වර්ජනය ලෙස මෙය හැඳින්වේ.
- කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් බව පවසමින් පුද්ගලයන් 540 දෙනෙකුට වැරදි පණිවිඩ යැවීම සම්බන්ධයෙන් ටස්මේනියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමාව අයැද තිබේ.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ACT රජය කොවිඩ් වසංගතයෙන් යථා තත්ත්වයට පත්වීමේ වැඩසටහනේ කොටසක් ලෙස මානසික සෞඛ්‍ය සහ සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා ඩොලර් මිලියන 38ක් ආයෝජනය කිරීමට නියමිතය.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය 'Boost' නමින් නව COVID-19 ව්‍යාපාරයක් දියත් කර ඇත. ඒ හරහා බූස්ටර් මාත්‍රාවක් වෙන්කරවා ගැනීමට සහ අදාළ පුද්ගලයින්ගේ කොවිඩ් එන්නත් තත්ත්වය යාවත්කාලීන කරගැනීමට සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන් දිරිමත් කරයි.
- COVID පැතිරීම පාලනය කිරීම සඳහා චීනය Shanghai නුවර දින නවයක් තුළ අදියර දෙකකින් වසා දැමීමට තීරණය කරයි.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 16,199
- කොවිඩ් මරණ - 03
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,270
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 55
වික්ටෝරියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 8,739
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 252
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 21
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 7,816
- කොවිඩ් මරණ - 0
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 14
ටස්මේනියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 1,726
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 27
ACT
- කොවිඩ් ආසාදිතයින් - 701
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 46
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 04
ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

