COVID 19 update 18 Nov: වසංගත පනත් කෙටුම්පත විවාදයට ගැනීම වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව කල් දමයි

2021 නොවැම්බර් 18 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People are seen during a demonstration outside the Victorian State Parliament in Melbourne, Tuesday, November 16, 2021.

People are seen during a demonstration outside the Victorian State Parliament in Melbourne, Tuesday, November 16, 2021. Source: AAP

Highlights

  • අද (18/11) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් නීති සියල්ලම පාහේ ලිහිල් කිරීමට තීරණය කෙරුණු අතර පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින්ට නිවෙස්වලට යාමේදී සහ එළිමහනේ රැස්වීමේදී උපරිම සීමාවක් නොමැත.
  • මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ හුදකලා වීමේ සහ නිරෝධායනය වීමේ නීතියද හෙට සිට වෙනස් කර තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිතයෙකු දින 10 ක් පමණක් නිරෝධායනය විය යුතු අතර පළමු පෙළ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනය විය යුත්තේ තමන්ගේ PCR පරීක්ෂණයේ ඍණාත්මක ප්‍රතිඵල ලැබෙන තෙක් පමණි. නමුත් කොවිඩ් ආසාදිතයාගේ නිවසේ සිටින පුද්ගලයින් නිරෝධායනය විය යුතුය.
  • වසංගත පනත් කෙටුම්පත විවාදයට ගැනීම වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව විසින් කල් දමා තිබේ.
  • කොවිඩ් පැතිරීමේ ප්‍රභවය සොයා ගැනීම සඳහා NT බලධාරීන් වයිරසයේ ප්‍රවේණි අනුක්‍රමණය පිළිබඳ ප්‍රතිඵල බලා සිටියි.
  • ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජනගහනය 80% මට්ටමට ළඟා වීම නිසා ජනතාවට යළි තම සුපුරුදු ජීවන රටාවට පිවිසීමට ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් ඉඩ සලසා දිය යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,007 ක් සමග කොවිඩ් මරණ 12 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 262 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 3 ක්ද වාර්තා වේ.
  • මේ අතර ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 25 ක් ද වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

2 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now