COVID 19 update 03 May: වික්ටෝරියා රෝහල්වල කොවිඩ් රෝගීන් වැඩිවන අතරේ NSW දෛනික මරණ ඉහළ යයි

2022 මැයි 03 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

The Australian Capital Territory could scrap vaccine mandate for workers in healthcare and education settings next week.

The Australian Capital Territory could scrap vaccine mandate for workers in healthcare and education settings next week. (file) Source: AAP Image/Bianca De Marchi

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 23 ක් වාර්තා වී ඇති අතර අප්‍රේල් 04 න් පසුව එම කලාපයෙන් වාර්තා වූ ඉහළම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙසද එය වාර්තා වේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 12 ක් වාර්තා වී ඇති අතර 482 ක් රෝහල් ගත කර තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්ගත වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම දත්ත පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

Australian Capital Territory හි සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන මධ්‍යස්ථාන තුළ සිටින සේවකයින් සඳහා පනවා ඇති අනිවාර්ය කොවිඩ් එන්නත් ලබාගැනීමේ විධානය ලබන සතියේ ඉවත් කිරීමට සූදානම් වේ.

දකුණු ඕස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර සංචාරකයින් තුළ පළමු වරට BA.4 සහ BA.5 ආසාදන හඳුනාගෙන ඇත. BA.4 සහ BA.5 යනු Omicron හි උප ප්‍රභේද වන අතර NSW සහ වික්ටෝරියා ප්‍රාන්තවල ඒවා දැනටමත් සොයාගෙන ඇත.

ශීත ඍතුවේ දී කොවිඩ් වයිරස් තත්ත්වය සහ flu ආසාදන වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියාවේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය Sonya Bennett පවසයි.

ඉදිරියේදී එළඹෙන අවදානම් උච්ච flu සමයට පෙර ඔබේ flu එන්නත ලබා ගැනීම ඔබට ඉහළම මට්ටමේ ආරක්ෂාවක් සපයනු ඇති බවද ඇය පැවසුවාය.

“මෙය සාමාන්‍යයෙන් ජුනි සිට සැප්තැම්බර් දක්වා ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල සිදු වෙනවා. Flu එන්නත සම්පූර්ණයෙන්ම ඵලදායී වීමට සති දෙකක් ගත වෙනවා, එනිසා ජුනි මාසයට පෙර ඔබේ එන්නත ලබාගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුයි." යනුවෙන්ද වෛද්‍ය Sonya Bennett වැඩිදුරටත් පැහැදිලි කළාය.


 

 


Share

2 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now