COVID 19 update 27 May: වික්ටොරියාවේ රෝහල්ගත කිරීම් 571 තෙක් ඉහළට, NSW හි ICU රෝගීන් පහළට

2022 මැයි 27 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People cross Bourke Street Mall in Melbourne, Sunday, March 20, 2022. (AAP Image/Diego Fedele) NO ARCHIVING

People cross Bourke Street Mall in Melbourne. (file) Source: AAP Image/Diego Fedele

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 28 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 09 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 09 ක්ද සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 07 ක්ද ඊට ඇතුලත්වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 11 ක්ද වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්ගත වූ පිරිස 571 දක්වා ඉහළ නැග ඇති අතර එය අප්‍රේල් 04 වනදා සිට වාර්තා වූ ඉහළම අගය වේ.

මේ අතර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පසුගිය සති තුන තුළ පළමු වරට නව ආසාදන 10,000 ට වඩා අඩුවෙන් වාර්තා කළේය.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය මැයි 28 දා සෙනසුරාදා ප්‍රජා එන්නත් දිනයක් සංවිධානය කරයි. ඇතැම් ප්‍රාදේශීය සභා සහ ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය COVID-19 එන්නත් සායනයකට යාමට සහය අවශ්‍ය පුද්ගලයින් සඳහා නොමිලේ ප්‍රවාහනය සපයනු ඇත.

NSW Health විසින් COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා පිළිබඳ සතිපතා වාර්තාවේ PCR පරීක්ෂණ අනුපාතයේ 7.1% ක අඩුවීමක් වාර්තා කර ඇත. COVID-19 සම්ප්‍රේෂණය ප්‍රජාව තුළ ස්ථායී වන නමුත් ප්‍රාන්තය පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වැඩිවෙමින් පවතින බව එහි සඳහන් වේ.

පසුගිය දින දහය තුළ සිඩ්නි CBD හි සිටි පුද්ගලයින් සිටී නම් Legionnaires රෝගයේ රෝග ලක්ෂණ නිරීක්ෂණය කරන ලෙස NSW Health ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම බැක්ටීරියා රෝගය වැළඳුණු නිවැසියන් පස් දෙනෙකු පසුගිය සති තුන තුළ සිඩ්නි CBD හි කාලය ගත කර ඇත. එම පස්දෙනාම නියුමෝනියාව සඳහා රෝහල්වල ප්‍රතිකාර ලබති.

Legionnaires රෝගයේ රෝග ලක්ෂණ ලෙස උණ, සීතල ගතිය, කැස්ස සහ හුස්ම හිරවීම සැලකේ. මෙම රෝග ලක්ෂණ බැක්ටීරියාවට නිරාවරණය වූ දින සිට දින 10 ක් දක්වා වර්ධනය විය හැක.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now