COVID 19 update 19 Jan: ඕස්ට්‍රේලියාවේ සේවක හිඟය මැඩලීමට, අද සිට ජාත්‍යන්තර සිසුන්ගේ වීසා ගාස්තු අඩු කෙරේ

2022 ජනවාරි 19 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People wearing PPE arriving at Sydney International Airport in Sydney.

People wearing PPE arriving at Sydney International Airport in Sydney. Source: AAP

  • ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන් දිරිමත් කිරීම සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි, ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ සහ working holiday වීසා අයදුම් කරන්නන්ට වීසා ගාස්තු අඩු කෙරේ.
  • Omicron ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ ශ්‍රම හිඟය පියවීම සඳහා අගමැති Scott Morrison මෙම වෙනස්කම් නිවේදනය කළේය.
  • ජාත්‍යන්තර සිසුන් හට බදාදා සිට සති අටක් සඳහා වීසා ගාස්තු නිදහස් කෙරෙන අතර, working holiday වීසා අයදුම් කරන්නන් සඳහා සති 12ක් සඳහා වෙනස්කම් ක්‍රියාත්මක වේ.
  • ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රාන්ත තුන මගින් කොවිඩ් මරණ 61ක් වාර්තා වී තිබේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොවිඩ් මරණ 32ක් වාර්තා වන අතර මේ වනවිට ප්‍රාන්තයේ ආසාදිතයින් 2,863 දෙනෙකු රෝහල්ගත කොට තිබේ. එමගින් ආසාදිතයින් 217 දෙනෙකු දැඩි සත්කාරක ඒකක වල පසුවේ.
  • අද සිට, මාස තුනකට පෙර හෝ ඊට වැඩි කාලයකට පෙර ඔවුන්ගේ දෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් හට ඔවුන්ගේ booster එන්නත වෙන්කරවා ගත හැකි බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Dominic Perrottet පවසයි.
  • ශීත ඍතුවේදී මෙම වෛරසයේ ඉහල යාමක් සහ විවිධ ප්‍රභේද පැමිණිය හැකි බවට ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly අනතුරු අඟවා සිටී.
  • සෙනසුරාදා අලුයම 1 සිට ක්‍රියාත්මක වන පරිදි, ද්විත්ව එන්නත් මාත්‍රා ලැබූ සංචාරකයින් හට නිරෝධායනය ඉවත් කරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පවසයි.
  • ඉදිරි දින වලදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුල ද්විත්ව එන්නත් ලැබූ පිරිස 90% ඉලක්කය කරා ලඟා වන අතර එම නිශ්චිත දිනය පිළිබඳව බලධාරීන් දැනුවත් බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk පවසයි.
  • සම්පුර්ණ එන්නත් ලද සංචාරකයින් සඳහා පිටත්වීමට පෙර සිදු කරන කොවිඩ් පරීක්ෂණ නවතා දැමීමට මෙල්බර්න් ගුවන් තොටුපොල ඉල්ලා තිබේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 32,297 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 32 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 20,769 ක් සමග කොවිඩ් මරණ 18 ක් වාර්තා වේ.

ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 19,932 ක් සහ මරණ 11 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ ටස්මෙනියාවෙන් ආසාදිතයින් 1,185 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන් 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

By Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now