COVID 19 update 27 April: NSW හි රෝහල්ගත කළ පිරිස් ඉහළ යන අතරේ WA සහ NT නීති ලිහිල් කරයි

2022 අප්‍රේල් 27 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

South Australia could be the next state to relax close contacts and face masks rule. (file)

South Australia could be the next state to relax close contacts and face masks rules. (file) Source: Matt Jelonek/Getty Images

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 32 ක් වාර්තා වී ඇති අතර ඊට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 10 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 13 ක්ද ක්වීන්ස්ලන්තයෙන් මරණ 9 ක්ද ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඊට පෙර සිදුවූ කොවිඩ් මරණ 10 ක්ද වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්වලට ඇතුළත් වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. පසුගිය අප්‍රේල් 4 වන දා එම අගය 1,418 ක් වූ නමුත් අද වන විට එය 1,743 ක් දක්වා ඉහළ නැග තිබේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

කොවිඩ් ආසදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් හට පනවා ඇති සීමාවන් ලිහිල් කරන නවතම ප්‍රාන්ත ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සහ Northern Territory වාර්තා වේ. මීට පෙර නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්තය සහ ACT මෙම ලිහිල් කිරීම් සිදුකළ අතර දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයද නුදුරේදීම මෙය අනුගමනය කිරීමට අපේක්ෂිතය.

අප්‍රේල් 29 සිකුරාදා පෙරවරු 12.01 සිට බටහිර ඔස්ට්‍රේලියාවේ රෝග ලක්ෂණ නොමැති සමීප ආශ්‍රිතයින් දැඩි රෙගුලාසි අනුගමනය කරන්නේ නම් ඔවුන්ට තවදුරටත් හුදකලා වීමට අවශ්‍ය නොවේ.

රෝග ලක්ෂණ නොමැති සමීප ආශ්‍රිතයින් දිනපතා rapid antigen පරීක්ෂණ සිදු කළ යුතුය, ඔවුන් තම නිවසින් පිටත මුව ආවරණයක් පැළඳිය යුතුය, ඉහළ අවදානම් ස්ථානවලට යාමෙන් වැළකිය යුතුය, හැකි සෑම විටම නිවසේ සිට රාජකාරී කළ යුතුය,  ඔවුන්ගේ සේවායෝජකයාට හෝ අධ්‍යාපනික ආයතනයට ඒ බව දැනුම් දිය යුතුය.

පවතින ප්‍රොටෝකෝලවලට අනුව රෝග ලක්ෂණ පහව ගොස් කොවිඩ් පරීක්‍ෂා කරන තෙක් රෝග ලක්ෂණ පෙන්වන සමීප ආශ්‍රිතයින් හුදකලා විය යුතුය.

බටහිර ඕස්ට්‍රේලියාව මුව ආවරණ අනිවාර්යෙන් පැළදීමේ අවශ්‍යතා (රෝහල් සහ residential aged care වැනි විශේෂිත ස්ථානවල හැර), වර්ග මීටර් දෙකක එක් පුද්ගලයෙකු සිටිය යුතු යන රීතිය සහ කොවිඩ් එන්නත් කළ බවට සාක්ෂි පෙන්වීම ඉවත් කර ඇත. කෙසේ වෙතත්, අදාළ රාජකාරී ස්ථාන සඳහා අනිවාර්ය කොවිඩ් එන්නත් කිරීමේ අවශ්‍යතා තවමත් ක්‍රියාත්මක වේ.

බටහිර ඕස්ට්‍රේලියාව වෙත පැමිණීම සඳහා G2G Pass අවශ්‍යතාවය සහ අන්තර් ප්‍රාන්ත සංචාරකයින් සඳහා කොවිඩ් එන්නත් අවශ්‍යතා අප්‍රේල් 29 දිනෙන් අවසන් වේ. කෙසේ වෙතත්, එන්නත් නොකළ ජාත්‍යන්තර සංචාරකයින් තවමත් දින හතක් නිරෝධායනය වීමට අවශ්‍ය වේ. මෙම අවශ්‍යතාවය සති හතරකින් සමාලෝචනය කෙරේ.

Northern Territory පහත සඳහන් වෙනස්කම් අද පෙරවරු 12.01 සිට ක්‍රියාත්මක කරයි.

  • කොවිඩ් එන්නතේ මාත්‍රා තුනක් ලබා ඇති රෝග ලක්ෂණ නොමැති සමීප ආශ්‍රිතයින් තවදුරටත් හුදකලා කිරීමට අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, ඔවුන් සමාජයට නිරාවරණයෙන් පසු පළමු දින තුන තුළ සහ 6 වන දිනයේ RAT පරීක්ෂණයක් කළ යුතුය.
  • ඔවුන් තම නිවසින් පිටත දින හතක් මුව ආවරණ පැළඳිය යුතු අතර ඉහළ අවදානම් ස්ථාන වෙත යා නොහැක. තමන් සමීප ආශ්‍රිතයෙක් ඇති බව ඔවුන්ගේ සේවායෝජකයාට හෝ පාසලට දැනුම් දිය යුතුය. එන්නත් නොකළ හෝ අර්ධ වශයෙන් එන්නත් කරන ලද සමීප ආශ්‍රිතයින් දින හතක් සඳහා හුදකලා විය යුතුය.
  • COVID-19 රෝග ලක්ෂණ ඇති සමීප ආශ්‍රිතයින් වහාම හුදකලා විය යුතුය, COVID-19 සඳහා පරීක්‍ෂා කර රෝග ලක්ෂණ පහව යන තෙක් ඔවුන් හුදකලාව සිටිය යුතුය.

පාසල්වල අමුත්තන් ඇතුළු සියලුම වැඩිහිටියන් සඳහා මුව ආවරණ තවමත් අනිවාර්ය බව දකුණු ඕස්ට්‍රේලියාව අවධාරනය කරයි. වසර 7 සිට 12 දක්වා සිසුන් සඳහා මුව ආවරණ අනිවාර්ය වන නමුත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 3 වසරේ සිට 6 වසර දක්වා එය දැඩි ලෙස නිර්දේශ කෙරේ.


 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

4 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now