ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 42 ක් වාර්තා වී තිබේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 21 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 14 ක්ද ඊට ඇතුළත් වේ.
ඒ අනුව සියලුම hospitality ස්ථාන සහ උත්සව ශාලා සඳහා පනවා තිබූ 500 ක පාරිභෝගික ධාරිතා සීමාව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් ඉවත් කර තිබේ. ජාත්‍යන්තර සහ දේශීය සංචාරකයින්ට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණීමේදී RAT පරීක්ෂණ කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ. නමුත් පර්ත් ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ කොවිඩ් පරීක්ෂණයක් කිරීමට දිරිගන්වනු ලැබේ.
සමීප ආශ්‍රිතයා යන නිර්වචනය වෙනස් වී ඇත. සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න.
ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් Sentinel නමින් නව COVID-19 පරීක්ෂණ පද්ධතියක් නිපදවා ඇත. එයට දිනකට සාම්පල 90,000කට වඩා වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට හැකි අතර, ප්‍රතිඵල පැයකට අඩු කාලයකින් නිකුත් කළ හැකිය.
මෙම පද්ධතිය PCR පරීක්ෂණයට වඩා වේගවත් වන අතර Rapid Antigen පරීක්ෂණයකට වඩා නිවැරදි යැයි විශ්වාස කෙරේ. පර්ත් ගුවන් තොටුපලේ FIFO සේවකයින් සම්බන්ධ කරගනිමින් පර්යේෂකයන් මෙම පද්ධතිය ඉක්මනින් අත්හදා බලනු ඇත.
දෙවන Omicron රැල්ලට මුහුණ දීමට ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය උපරිමයෙන් කටයුතු කරන බව ක්වීන්ස්ලන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති Steven Miles ප්‍රාන්ත වැසියන්ට පැවසීය. එක් මාසයකදී ක්වීන්ස්ලන්තයේ රෝහල් ගත වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇති බව දත්ත පෙන්වා දෙයි.
පාස්කු දිගු සති අන්තයේ කොවිඩ් එන්නත් සායන සහ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන බොහෝ ප්‍රමාණයක් වසා දැමිය හැකි බැවින් තම ප්‍රාන්තවල එන්නත් සායන සහ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන විවෘත කර ඇති වේලාවන් පරීක්ෂා කරන ලෙස ප්‍රාන්ත වැසියන්ට උපදෙස් දී තිබේ.
COVID-19 වසංගතය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus පැවසුවේය. ඔහු බදාදා (13/04) COVID-19 වසංගතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (2005) හදිසි කමිටුවේ 11 වන රැස්වීමෙන් පසුව කතා කරමින් මේ බව සඳහන් කළේය.
කොවිඩ් වයිරසය කාලයත් සමඟ වඩාත් සම්ප්‍රේෂණය වී ඇති අතර සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශයක් නොමැති අනාරක්ෂිත සහ එන්නත් නොකළ පුද්ගලයින්ට මාරාන්තික ලෙස පවතින බව ද ඔහු පැවසීය.
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

