Highlights
- අද සිට, බටහිර ඕස්ට්‍රේලියාවේ එක් පවුල් සාමාජිකයකු හට නොමිලේ Rapid Antigen පරීක්ෂණ 15ක් දක්වා ලබාගත හැක.
- ප්‍රාන්තයේ සෑම පවුල් සාමාජිකයකු සඳහාම ප්‍රාන්ත රජය ලබාදෙන Rapid Antigen පරීක්ෂණ 5 සඳහා ලියාපදිංචි වූ විට, අමතර පරීක්ෂණ 10ක් නොමිලයේ ලබාදීම සිදු වේ.
- බටහිර ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Amber-Jade Sanderson රෝයල් පර්ත් රෝහලේ ඇඳන් 24 කින් යුත් නව දැඩි සත්කාර ඒකකයක් ඊයේ විවෘත කළ අතර එමගින් හෙට සිට රෝගීන් හට ප්‍රතිකාර ලබාදීමට නියමිතය.
- Amber-Jade Sanderson පවසන්නේ, මෙම නව දැඩි සත්කාර ඒකකය විවෘත කිරීම කාලෝචිත වන අතර, මෙමගින් මෑත කාලීන කොවිඩ් අසාදිත ඉහළ යාම සඳහා ප්‍රාන්තයේ දැඩි සත්කාර ඒකක ධාරිතාව පුළුල් කරන බවයි.
- ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය අමාත්‍ය Yvette D'Ath COVID-19 සඳහා ධනාත්මක බව ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට තිබේ.
- ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ හදිසි බලතල ඔක්තෝබර් දක්වා දීර්ඝ කරන ලෙස අමාත්‍ය D'Ath ගේ ඉල්ලීම ක්වීන්ස්ලන්ත මානව හිමිකම් කොමසාරිස් Scott McDougall විසින් අභියෝගයට ලක් කොට තිබේ.
- මුහුණු ආවරණ පැළඳීම සහ සමීප සම්බන්ධතා සඳහා හුදකලා වීමේ අවශ්‍යතා ඇතුළුව ප්‍රාන්තයේ සීමාවන් තවදුරටත් ලිහිල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට දකුණු ඕස්ට්‍රේලියාවේ COVID-Ready කමිටුව අද උදෑසන රැස්ව තිබේ.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 10,689
- කොවිඩ් මරණ - 6
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,032
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 38
වික්ටෝරියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 7,460
- කොවිඩ් මරණ - 4
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 197
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 24
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 5,589
- කොවිඩ් මරණ - 10
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 246
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 19
ටස්මේනියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 1,376
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 14
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 3
ACT
- කොවිඩ් ආසාදිතයින් - 786
- කොවිඩ් මරණ - 1
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 40
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 4
ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

