SKIP TO MAIN CONTENT

COVID 19 update 10 May: බටහිර ඔස්ට්‍රේලියාව සිය දෛනික ආසාදිතයින්ගේ වාර්තාව යළි බිඳ දමයි

2022 මැයි 10 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People wearing face masks walk in the Melbourne CBD, Thursday, July 15, 2021. Victoria has reported two new locally acquired COVID-19 cases, on top of the 10 reported in Thursday's official figures. (AAP Image/Luis Ascui) NO ARCHIVING
The number of new COVID-19 surged in most Australian states and territories. Source: AAP Image/Luis Ascui

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 43 ක් වාර්තා වී ඇති අතර ඊට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 17 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 18 ක්ද ඇතුලත්වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා වාර්තා කළ ඉහළම දෛනික කොවිඩ් ආසදිතයින්ගේ සංඛ්‍යාව වන 12,390 ගතවූ පැය 24 තුළ වාර්තා කළේය. ඊට අමතරව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය මෙට පෙර සිදුවූ කොවිඩ් මරණ 6 ක්ද වාර්තා කළේය.

අප්‍රේල් 4 වනදා සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම දෛනික නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව (12,722) සහ රෝහල්ගත කිරීම් (519) වාර්තා කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාව පුරා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් Pfizer සහ Moderna එන්නත් වෙතින් තරුණ වයස් කාණ්ඩවල පුද්ගලයින්ට myocarditis සහ pericarditis පිළිබඳ වාර්තා අධීක්ෂණය සහ සමාලෝචනය කරයි.

එයට අනුව එය myocarditis යනු දන්නා නමුත් ඉතා දුර්ලභ අතුරු ආබාධයකි. එය සාමාන්‍යයෙන් තාවකාලික වන අතර බොහෝ අය දින කිහිපයකින් සුව අතට හැරේ. දෙවන කොවිඩ් එන්නත් මාත්‍රාවෙන් පසු වයස අවුරුදු 12-17 අතර පිරිමි ළමයින් තුළ එය බහුලව දක්නට ලැබේ.

අතිරේක කණ්ඩායම් සඳහා ශීත සෘතුවේදී සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාවක් දෙනවාද යන්න පිළිබඳ ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම සලකා බලයි.

වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන්, aged care හෝ disability care මධ්‍යස්ථානවල සිටින පදිංචිකරුවන්, වයස අවුරුදු 16 සහ ඊට වැඩි හීන ප්‍රතිශක්තිකරණයක් ඇති පුද්ගලයින් සහ වයස අවුරුදු 50 සහ ඊට වැඩි ස්වදේශික සහ Torres Strait Islander පුද්ගලයින් සඳහා දැනට, සිව්වන මාත්‍රාව නිර්දේශ කෙරේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now