COVID 19 update 21 Jan: බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සීමාවන් පෙබරවාරියේදීත් විවෘත නොකෙරෙන ලකුණු

2022 ජනවාරි 21 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

WA Premier Mark McGowan speaks during an announcement in Perth, Monday, December 13, 2021.

WA Premier Mark McGowan speaks during an announcement in Perth, Monday, December 13, 2021. Source: AAP

Highlights

  • ඔස්ට්‍රේලියාව පුරා Omicron ආසාදිතයින්ගේ වැඩිවීම සැලකිල්ලට ගෙන පෙබරවාරි 5 වනදා තම ප්‍රාන්ත සීමා යළි විවෘත කිරීම නොසැලකිලිමත් සහ වගකීම් විරහිත ක්‍රියාවක් බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan පවසා තිබේ.
  • Omicron වයිරසයට එරෙහිව සටන් කිරීමට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකක් පමණක් ප්‍රමාණවත් නොවන බවත් බූස්ටර් එන්නත ලබා දීමට වැඩි කාලයක් අවශ්‍ය බවත් ඔහු අවධාරනය කළේය.
  • ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ ප්‍රධානී වෛද්‍ය Omar Khorshid මෙම තීරණය සම්බන්ධයෙන් Mark McGowan ට දොස් නගා ඇති අතර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සීමාවන් ඉවත් කළ යුතු බව පවසා තිබෙනවා.
  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 46 ක් වාර්තා වී ඇති අතර කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා එක් දිනකදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම කොවිඩ් මරණ ප්‍රමාණය ලෙස ද එය සටහන් වේ.
  • මේ අතර ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 20 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 13 ක්ද ටස්මේනියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් මරණයක්ද වාර්තා විය.
  • ගතවූ පැය 24 තුළ කොවිඩ් රෝගීන් ගේ රෝහල් ගත කිරීම් නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල පහත බැස තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ එම ප්‍රමාණය 1,206 සිට 1,096 දක්වා අඩුවී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2,781 සිට 2,743 දක්වා අඩුවී ඇත.
  • ප්‍රජාව තුළ කොවිඩ් වයිරසය පැතිරීම මන්දගාමී වීම පිළිබඳ විවිධ දර්ශක පෙන්වා දෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි Kerry Chant පැවසුවාය.
  • කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා මාස 3 කට පසුව බූස්ටර් එන්නත ලබාගැනීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට හැකි බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk නිවේදනය කළාය.
  • වැඩි මිලට rapid antigen පරීක්ෂණ කට්ටල අලෙවි කිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන්රථ සඳහා ඇමතුම් ලබා ගැනීමේ සේවාව ඉතා අඩු කාර්ය මණ්ඩලයක් සමඟ ක්‍රියාත්මක වන බව වාර්තා වේ. වික්ටෝරියා ප්‍රාන්තයේ පරිපූරක වෛද්‍ය සංගමය සහ ඇමතුම් මධ්‍යස්ථාන ක්‍රියාකරු ඒ පිළිබඳ අනතුරු අඟවා ඇත.
  • කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීමේ ඖෂධයක් සඳහා දිළිඳු ජාතීන්ට පුළුල් ප්‍රවේශයක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ සහය ලබන ගිවිසුමක් යටතේ Merck & Co හි COVID-19 පෙත්තෙහි ලාභදායී අනුවාද නිෂ්පාදනය කිරීමට සූදානම් වේ. අප්‍රිකාවේ, ආසියාවේ සහ මැද පෙරදිග සාමාන්‍ය ඖෂධ නිෂ්පාදකයින් 30කට ආසන්න සංඛ්‍යාවක් මේවා නිෂ්පාදනය කිරීමට සූදානම් වේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින්  25,168 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 46 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 18,167ක් සමග කොවිඩ් මරණ 20 ක් වාර්තා වේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 16,031 ක් ද කොවිඩ් මරණ 13 ක් ද වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 866 ක් ද එක් කොවිඩ් මරණයක් ද වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන් 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

4 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now