COVID 19 update 19 September: ප්‍රතිශක්තිය හීනවීම මීළඟ කොවිඩ් රැල්ලට හේතු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

2022 සැප්තැම්බර් 19 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

VICTORIA CORONAVIRUS COVID19

A worker hands out a surgical mask to a passenger at Southern Cross Station in Melbourne. (file) Source: AAP / JOEL CARRETT/AAPIMAGE

Highlights

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය COVID-19 වසංගතයට එරෙහිව කටයුතු කිරීම සඳහා අමතර ඩොලර් බිලියන 1.4 ක් වැය කරන බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

COVID-19 වසංගතය මැඩලීම සඳහා දැනට පවතින වැඩපිළිවෙල දෙසැම්බර් 31 දක්වා දීර්ග කර ඇති බව ද ඔහු පැවසීය.

මීට පෙර එම පියවර සැප්තැම්බර් 30 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණි.

අදාළ ඩොලර් බිලියන 1.4 න් ඩොලර් මිලියන 840 ක් Aged Care ආධාර වැඩසටහන සඳහා සහ ඩොලර් මිලියන 48 සිට 100 ක් දක්වා පවුලේ වෛද්‍යවරු ප්‍රමුඛ ශ්වසන සායන සඳහා ලබා දෙනු ඇත.

Aged Care, primary care, disability care, ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍ය සේවා සහ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සඳහා ආරක්‍ෂිත උපකරණ, ප්‍රතිකාර සහ RAT මිලදී ගැනීමට තවත් ඩොලර් මිලියන 235ක් වැය කෙරේ.

ඔස්ට්‍රේලියාවේ COVID-19 රෝගීන්ගේ දැඩි පහත වැටීමක් දකින බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

ජූලි අග භාගයේ කොවිඩ් රැල්ලේ උච්චතම අවස්ථාවේ සිට බලන කල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වන විට 85% කින් පමණ අඩු වී ඇති අතර, රෝහල් ගතවීම් 70% කින් පමණ අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දෙවන බූස්ටර් මාත්‍රාව හෝ සිව්වන එන්නත් මාත්‍රාව COVID-19 වලින් මිය යාමේ අවදානම සිව් වතාවකින් අඩු කරන බව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි Brett Sutton ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

වෙනස් හෝ bivalent බූස්ටර් මාත්‍රා දැන් නිෂ්පාදනය වෙමින් පවතින අතර කුමන හෝ මාත්‍රාවක් ලබාගැනීම වැදගත් බව ඔහු එහිදී පැවසීය.

අනාගත COVID-19 රැළි පෙර පැවති තරම් දරුණු නොවිය හැකි බවද Brett Sutton පැවසීය.

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවාවලදී මුව ආවරණ නීති අනුගමනය නොකළ මගීන්ට දඩ 100 කට වැඩි ප්‍රමාණයක් සහ අනතුරු ඇඟවීම් 181,000 ක් නිකුත් කර ඇති බව AAP පුවත් වාර්තා කළේය.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now