COVID 19 update 11 October: ඔස්ට්‍රේලියාවේ දේශසීමා වේලාසනින් විවෘත කිරීමට NSW ප්‍රාන්ත අගමැති මධ්‍යම රජය සමග සාකච්ඡා කරයි

2021 ඔක්තෝබර් 11 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW Premier Dominic Perrottet (right) and NSW Deputy Premier Paul Toole (2nd from right) and Treasurer Matt Kean toast with a beer at Watson’s Pub in Sydney

NSW Premier Dominic Perrottet (right) and NSW Deputy Premier Paul Toole and Treasurer Matt Kean toast with a beer at Watson’s Pub in Sydney. Source: AAP Image/DEANLEWINS

Highlights

  • ප්‍රාන්ත අගමැතිගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ NSW ප්‍රාන්තය යළි විවෘත කෙරේ.
  • කොවිඩ් එන්නත පිළිබඳ දැනුවත් කිරීමේ නව ව්‍යාපාරයක් වික්ටෝරියා ප්‍රාන්තය දියත් කරයි.
  • අගමැති Scott Morrison නිරෝධායනය නිම කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 496 ක් හමුවී තිබෙන අතර කොවිඩ් මරණ 8 ක්ද වාර්තා වේ.

දින 100 කට අධික කාලයක් lockdown තත්ත්වයේ සිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද යළි විවෘත කෙරුණු අතර ඒ අනුව කායවර්ධන මධ්‍යස්ථාන, අවන්හල්, ආපන ශාලා, කඩ සාප්පු සහ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලැබේ.

මේ අතර හැකි සෑම විටම, තම ව්‍යාපාරික ස්ථානයට පැමිණෙන පාරිභෝගිකයින්  විසින් ලබා දෙන ඔවුන්ගේ කොවිඩ් එන්නත් තොරතුරු නිවැරදි දැයි ව්‍යාපාර තහවුරු කළ යුතු බව ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය.

lockdown නීති හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ආර්ථිකයට සතියකට ඩොලර් බිලියනයක් පමණ අලාභ වී ඇති අතර ප්‍රාන්ත අගමැතිවරයා ශ්‍රම හිඟයක් පිළිබඳවද පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමේ දිනය ඉදිරියට ගෙන ඒම සඳහා මධ්‍යම රජය සමඟ සාකච්ඡා කරන බවද ඔහු පැවසීය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,612 ක් හමුවී ඇඇති අතර කොවිඩ් මරණ 8 ක් ද සිදුවී තිබේ.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 677 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර 133 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබයි.

තවත් 94 දෙනෙකු ශ්වසන ආධාරක මත සිටින බවද සඳහන්.

මේ අතර ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොවිඩ් එන්නත් මාත්‍රා 81,000 ක් ලබාදුන් බවද වාර්තා වේ.

කොවිඩ් එන්නත ලබාගන්නා බවට තම පවුල්වලට ඒත්තු ගන්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව වික්ටෝරියා ප්‍රාන්තයේ ඕනෑම වයස් ඛාණ්ඩයක පුද්ගලයෙකු හට Moderna සහ Pfizer වැනි mRNA කොවිඩ් එන්නත් ලබාගැනීමට හැකි බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

මේ අතර "ප්‍රාන්තය නැවත විවෘත කිරීමේ සැලසුම්වලට පෙර කොවිඩ් එන්නත යනු ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයයි" යනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය කොවිඩ් එන්නත පිළිබඳ දැනුවත් කිරීමේ නව ව්‍යාපාරයක් දියත් කර තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 32 ක් වාර්තා වේ.

මේ අතර ACT හි කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 12 හෝ ඊට වැඩි පිරිස 97.8% ක් බව සඳහන්.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසදිතයකු වාර්තා නොවේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now