COVID 19 update 01 June: බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය කොවිඩ් නීති තවදුරටත් ලිහිල් කරයි

2022 ජුනි 01 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A passengers has his G2G Pass checked on arrival at Perth Domestic Airport in Perth, Saturday, February 5, 2021. Expanded travel exemptions have made it easier for those with strong connections in WA to enter the state but are required to complete 14 days

From 1 June, unvaccinated Australians and permanent residents are no longer required to quarantine on arrival in Western Australia. (file) Source: AAP Image/Richard Wainwright

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 36 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 17 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 09 ක්ද සහ ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් මරණය 06 ක්ද ඊට ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ඉහළ කොවිඩ් එන්නත් අනුපාතයක් ඇති බැවින් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සිය ප්‍රාන්තයේ කොවිඩ් නීති තවදුරටත් ලිහිල් කර තිබේ.

ඒ අනුව ජුනි 01 සිට බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් තවදුරටත් නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ. එමෙන්ම සතියකට නිරෝධායනය වීමට තිබූ ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාවේ 70 සීමාව ද ඉවත් කර තිබේ.

එන්නත් නොකළ ඔස්ට්‍රේලියානු නොවන අයට මධ්‍යම රජයේ නියෝග යටතේ ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර නැත.

2022 ජූනි 10 සිට, රෝහල්වල සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සැකසීම්, residential aged care සහ residential disability ස්ථානයන්හි සේවකයින්ට ඔවුන්ගේ සේවා පරිශ්‍රයට ඇතුළු වීමට කොවිඩ් එන්නතේ මාත්‍රා තුනම ලබාගැනීම අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, අනෙකුත් ශ්‍රම බලකායන් සඳහා එන්නත් අවශ්‍යතා එම දිනයේ සිටම ඉවත් කරනු ලැබේ.

චීනයේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ෂැංහයි හි මාස දෙකක අගුලු දැමීම ලිහිල් කර ඇත. සියලුම පොදු ප්‍රවාහනය නැවත ආරම්භ කර ඇති අතර නගර වැසියන්ට නැවත සේවයට යාමට අවසර දී ඇත.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service