SKIP TO MAIN CONTENT

COVID 19 update 19 May: බටහිර ඔස්ට්‍රේලියාව ඉතිහාසයේ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරයි

2022 මැයි 19 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Medical staff are seen at a quiet Covid-19 testing centre at Sir Charles Gairdner Hospital in Perth.
Source: AAP Image/Richard Wainwright

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 46 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 22 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 14 ක්ද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් 05 ක්ද ඊට ඇතුලත්වේ.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වාර්තා කළ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වන 17,105 ගතවූ පැය 24 තුළ වාර්තා කර ඇත. මේ වන විට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝහල් ගත කළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 300 ක් වන අතර මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 6 ක්ද ඔවුහු වාර්තා කරති.

ගතවූ පැය 24 තුළ ACT හි ආසාදිතයින් 82 දෙනෙකු රෝහල්ගත කර ඇති බව සඳහන්. එය පසුගිය මාස දෙක තුළ ACT හි රෝහල්ගත කළ කොවිඩ් ආසාදිතයින් ගේ ඉහළම අගය ලෙස ද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

COVID-19 පැතිරීමට එරෙහිව පූර්වාරක්ෂක පියවර ගන්නා පුද්ගලයින් අඩු බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරයි.

පසුගිය සතියේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් 78% ක් පමණක් මුව ආවරණයක් පැළඳ සිටින බව වාර්තා වූ අතර එය පෙබරවාරි මාසයේ තිබූ 98% සිට පහත වැටී ඇති බව අප්‍රේල් 19 සහ 28 අතර සිදු කරන ලද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම සමීක්ෂණයෙන් පෙන්නුම්  කරයි.

2022 මැයි 18 වන දින සවස 3 වන විට ඔස්ට්‍රේලියාවේ COVID-19 රෝගීන් මිලියන 6.7 ක් සහ මරණ 7,926 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

වයිරසය ආසාදනය වූවන්ගේ මධ්‍ය වයස අවුරුදු 31 ක් වන අතර මරණවල මධ්‍ය වයස අවුරුදු 83 කි.

ෆෙඩරල් මැතිවරණයට දින කිහිපයකට පෙර One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ. Pauline Hanson කොවිඩ් එන්නත් කර නැති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now