COVID 19 update 11 May: බටහිර ඔස්ට්‍රේලියාවේ දෛනික ආසදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස 17,000 ඉක්මවයි

2022 මැයි 11 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

The World Health Organization says new Omicron sub-variants BA.4 and BA.5 are driving up deaths and hospitalisations in places with high immunity.

The World Health Organization says new Omicron sub-variants BA.4 and BA.5 are driving up deaths and hospitalisations in places with high immunity. Source: AAP Image/Mick Tsikas

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 48 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 11 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 18 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 11 ක්ද ඊට ඇතුලත්වේ.

නව COVID-19 රෝගීන් ඕස්ට්‍රේලියාව පුරා අඛණ්ඩව ඉහළ යමින් පවතී. ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 17,033 ක් වාර්තා වූ අතර එය ඊට පෙර දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා 27% ක වැඩිවීමකි.

එමෙන්ම මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 3 ක්ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් හදිසි අවස්ථා කළමනාකරණ පනත යටතේ එහි හදිසි බලතල ජනවාරි 3 දක්වා දීර්ඝ කිරීමට ප්‍රාන්තයේ පහළ මන්ත්‍රණ සභාව හරහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත.

COVID-19 ධනාත්මක අය සඳහා දින හතක හුදකලා වීමේ අවශ්‍යතාව සහ සමීප ආශ්‍රිතයින් සඳහා මුව ආවරණ භාවිතා කිරීම වැනි ක්‍රියාමාර්ග පැනවීමට මෙම නීති සම්පාදනය හරහා ප්‍රාන්ත රජයට බලය පැවරේ.

long COVID-19 අත්විඳින පුද්ගලයින්ට උපකාර කිරීම සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය Royal Adelaide රෝහල, Queen Elizabeth රෝහල, කාන්තා හා ළමා රෝහල සහ Flinders වෛද්‍ය මධ්‍යස්ථානයේ විශේෂ සායන විවෘත කරනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හෙට දිනයේදී (12/05) පැවැත්වෙන දෙවන ගෝලීය COVID-19 සමුළුවේදී ස්ථිර කැපවීම් කරන ලෙස ලෝක නායකයින්ගෙන් ඉල්ලා ඇත.

නව Omicron උප ප්‍රභේද වන BA.4 සහ BA.5 ඉහළ ප්‍රතිශක්තියක් ඇති ස්ථානවල මරණ සහ රෝහල්ගතවීම් ඉහළ නංවන බැවින් ගෝලීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය. කොවිඩ් වසංගතය අවසන් කිරීමේ උපාය මාර්ග පිළිබඳව ලෝක නායකයින් සාකච්ඡා කරනු ඇතැයි ද ඔවුහු අපේක්ෂා කරති.

Microsoft සම-නිර්මාතෘ Bill Gates හටද COVID-19 ආසාදනය වී ඇති බව වාර්තා වේ. මෙම ප්‍රකෝටිපති දානපතියා මෑතකදී මීළඟ වසංගතය වළක්වා ගන්නේ කෙසේද යන මාතෘකාව යටතේ පොතක් ද ප්‍රකාශයට පත් කළේය.


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service