බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අද දිනයේදී (09/05) දෛනික කොවිඩ් ආසදිතයින්ගේ ඉහළම සංඛ්‍යාව වන 10,394 ක් වාර්තා කළේය. පසුගිය දින පහ තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නව දෛනික කොවිඩ් ආසදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙය වේ.
එමෙන්ම ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ වාර්තා වූ එකම ප්‍රාන්තය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වේ.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
කෙසේ වෙතත්, rapid antigen පරීක්ෂණ කට්ටල ලබාගැනීමට එම ස්ථාන වෙත පැමිණීමට අවසර ඇත්තේ රෝග ලක්ෂණ නොමැති සමීප ආශ්‍රිතයින්ට පමණි.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය මේ සතියේ සිය වාර්ෂික ප්‍රාන්ත අයවැයෙන් COVID-19 ප්‍රතිචාර සහ ප්‍රතිසාධන අරමුදල් සඳහා අමතර ඩොලර් බිලියන 1.6 ක් ලබා දීමට සූදානම් වේ.
අතිරේක අරමුදල් මගින් නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල සැපයීම සඳහා ඩොලර් මිලියන 635 ක් ඇතුළුව පියවර මාලාවක් එයින් ආවරණය කෙරේ.
කොවිඩ් වයිරසයට ධනාත්මක බව තහවුරු වීමෙන් පසුව ටස්මේනියානු ප්‍රාන්ත අගමැති Jeremy Rockliff දින හතක් හුදකලා වී තිබේ.
දකුණු ඔස්ට්‍රේලියාව සිය ප්‍රාන්තයේ COVID-19 එන්නත් අනුපාතය ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන 2 ක වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර තිබේ. වයස අවුරුදු 18 සහ ඊට වැඩි ප්‍රාන්ත ජනගහනයෙන් ත්‍රිත්ව එන්නත් කරනු ලැබ ඇත්තේ 73%ක් පමණක් බැවින් මෙම ව්‍යාපාරය බූස්ටර් මාත්‍රා ලබාගැනීම මාත්‍රා කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

