COVID 19 update 03 March: නව කොවිඩ් නීතිත් සමග බටහිර ඔස්ට්‍රේලියාව සිය ප්‍රාන්ත සීමා විවෘත කරයි

2022 මාර්තු 03 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Federal Opposition Leader Anthony Albanese arrives at Perth Domestic Airport in Perth, Thursday, March 3, 2022.

Federal Opposition Leader Anthony Albanese arrives at Perth Domestic Airport in Perth, Thursday, March 3, 2022. Source: AAP Image / RICHARD WAINWRIGHT

Highlights

  • අන්තර් ප්‍රාන්ත සහ ජාත්‍යන්තර සංචාරකයින් සඳහා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සිය ප්‍රාන්ත සීමා අද විවෘත කළේය. මගීන් 5,000 කට අධික සංඛ්‍යාවක් රැගත් දේශීය ගුවන් යානා 22 ක්ද ජාත්‍යන්තර ගුවන් යානා 5 ක්ද අද පර්ත් නුවරට පැමිණේ.
  • වෙනත් ප්‍රාන්තවලින් බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින් කොවිඩ් එන්නතේ මාත්‍රා තුනක් ලබාගෙන ඇති බවට වූ සාක්ෂි පෙන්විය යුතුවේ.
  • ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Anthony Albanese අද උදෑසන පර්ත් ගුවන් තොටුපළට ගොඩ බට පළමු ගුවන් යානයේ සිටියේය.
  • ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ද බටහිර ඔස්ට්‍රේලියාවට යාමට නියමිතව සිටි නමුත් මාර්තු 1 වන අඟහරුවාදා COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු ඔහු මේ වන විට Kirribilli නිවසේ හුදෙකලා වී සිටී..
  • 3 වසර සහ ඊට වැඩි පාසල් දරුවන්ට මුව ආවරණ පැළඳීම දීර්ග කිරීම, සංශෝධිත පාරිභෝගික සීමාවන් සහ නිවෙස් සහ එළිමහන්වල පුද්ගලයන්ට රැස්විය හැකි ප්‍රමාණයේ සීමාවන් පිළිබඳ දැඩි නීතිරීති සමඟින් 2 මට්ටමේ මහජන සෞඛ්‍ය සහ සමාජ නීති අද සිට මුළු බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේම  ක්‍රියාත්මක වේ.
  • ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) විසින් Novavax එන්නත කොවිඩ් බූස්ටර් එන්නතක් ​​ලෙස අනුමත කර ඇත.
  •  Pfizer සහ Moderna වැනි mRNA එන්නතක් සුදුසු නොවන වයස අවුරුදු 18 සහ ඊට වැඩි අයට පමණක් Novavax එන්නත කොවිඩ් බූස්ටර් එන්නතක් ​​ලෙස ATAGI අනුමත කර තිබේ.
  • වෙනත් කොවිඩ් එන්නත්වල පළමු සහ දෙවන මාත්‍රාව ලබාගෙන ඇති විට සමස්ත ජනගහනයට බූස්ටර් එන්නතක් ​ලෙස Novavax භාවිතය දීර්ග කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය සලකා බලමින් සිටියි.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොවිඩ් නීති ගණනාවක් මේ වන විට ඉවත් කර ඇති අතර බොහෝ හදිසි COVID-19 නීති අප්‍රේල් 1 වන විට අවසන් විය හැකි බව දකුණු ඔස්ට්‍රේලියානු පොලිස් කොමසාරිස් Grant Stevens පැවසීය.
  • එළඹෙන මාර්තු 7 වන දා සඳුදා සිට Northern Territory හි ගෘහස්ථ ස්ථානවල මුව ආවරණ පැළදීමේ නියෝගය ඉවත් කරන බව Northern Territory ප්‍රධාන අමාත්‍ය Michael Gunner නිවේදනය කළේය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 11,338 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,035 ක් රෝහල්ගත කර ඇති අතර 43 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 7,093 ක් සමග කොවිඩ් මරණ 23 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 262 ක් රෝහල්ගත කර ඇති අතර 33 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,479 ක් සමග කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 315 ක් රෝහල්ගත කර ඇති අතර 26 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,117 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 12 ක් රෝහල්ගත කර ඇති අතර තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
  • ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,423 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.. එමෙන්ම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 22 ක් රෝහල්ගත කර ඇත.
  • ගතවූ පැය 24 තුළ ACT හි කොවිඩ් ආසාදිතයින් 690 ක් හමුවී ඇති අතර 39 ක් රෝහල්ගත කර තිබේ. දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

4 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now