COVID 19 update 25 Feb: වික්ටෝරියා ප්‍රාන්තයේ, ගෘහස්ථ කොවිඩ් එන්නත් සේවාව ගන්නේ කොහොමද?

2022 පෙබරවාරි 25 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Victorian testing commander Jeroen Weimar

Victorian testing commander Jeroen Weimar Source: AAP

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ගෘහස්ථ එන්නත් ලබාගැනීමේ සේවාව භාවිතා කිරීමට බලාපොරොත්තු වන පිරිස පළමුව ඔවුන්ගේ ප්‍රදේශයේ පවුල් වෛද්‍යවරයා හෝ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය කණ්ඩායම ඇමතිය යුතු බව ප්‍රාන්ත COVID-19 අණදෙන නිලධාරී Jeroen Weimar පවසයි.
  • බටහිර ඕස්ට්‍රේලියාවේ මුහුණු ආවරණ භාවිත කිරීමේ නීති දීර්ඝ කොට ඇති නමුත් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රාන්ත සහ ටෙරිටරි වල ගෘහස්තව මුහුණු අවරණ පැළඳීම ඉවත් කිරීම සිදුවේ.
  • කොවිඩ් නීති කඩ කිරීම සඳහා වන දඩ මුදල් ගෙවීමට අපහසු පුද්ගලයින්, එමගින් නිදහස් කරන ලෙස ඉල්ලීම් ලැබෙමි පවතී.
  • අද සිට, NSW ප්‍රාන්තයේ බොහෝ ගෘහස්ථ ස්ථාන තුළ මුහුණු ආවරණ තවදුරටත් අනිවාර්ය නොවනු ඇත, නමුත් තවමත් පොදු ප්‍රවාහනයේදී / රෝහල්වල සහ වයස්ගත සත්කාරක පහසුකම් සඳහා මුහුණු ආවරණ අවශ්‍ය වනු ඇත.
  • එමෙන්ම ප්‍රාන්තය තුල 1,000කට වැඩි පිරිසක් සිටින බන්ධනාගාර වල සහ ගෘහස්ත සංගීත උත්සව සඳහා මුහුණු අවරණ අනිවාර්ය වේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ හැකි සෑම අයකුටම එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය අවධානය යොමු කොට ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසයි. එමෙන්ම නිවාස වෙත ගොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල පුලුල් කිරීම සිදු කරන අතර, ආගමික ස්ථාන , ක්‍රීඩා සමාජ සහ පාසල් වන තාවකාලික එන්නත්කරන මධ්‍යස්ථාන ඇති කරන බවත් ඔහු පවසයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ වයස 3 සහ ඊට ඉහල ළමුන් සඳහා මුහුණු ආවරණ අනිවාර්ය වන අතර මුල් ළමාවිය පිලිබඳ මධ්‍යස්ථානවල සේවකයින් හටද මුහුණු ආවරණ අනිවාර්ය වේ. ප්‍රාථමික පාසල් සිසුන් තවමත් එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා නොතිබීම මීට හේතුව බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසයි. 
  • දකුණු ඕස්ට්‍රේලියාවේ, පුද්ගලික උත්සවවල නැටුම් සහ ගායනය සඳහා අවසර ලැබේ. එමෙන්ම විශාල පිරිසකට අසුන්ගතව එළිමහන් ක්‍රීඩා උත්සව සඳහා සහභාගී විය හැකි අතර මෙම සති අන්තයේ සිට 50% ක ධාරිතාවයක් සඳහා අසුන් ගැනීමකින් තොරව මත්පැන් පානය කිරීමට අවසර හිමිවේ.
  • කොවිඩ් පැතිරීම මැඩපැවැත්වීමේ අරමුණින්, එම කටයුතු සිදුකිරීමට චීන ප්‍රධාන භූමියේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට හොංකොං රජය අවසර ලබා දී තිබේ.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 7,583 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 06 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,144 ක් රෝහල්ගත කර ඇති අතර 64 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,715 ක් සමග කොවිඩ් මරණ 16 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 322 ක් රෝහල්ගත කර ඇති අතර 43 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,440 ක් සමග කොවිඩ් මරණ 07 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 350 ක් රෝහල්ගත කර ඇති අතර 30 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 851 ක් සහ එක් මරණයක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 11 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 773 ක් වාර්තා වේ. එමෙන්ම ACT හි මේ වන විට කොවිඩ් රෝගීන් 41ක් රෝහල්ගත කර ඇති අතර තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.


 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

4 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now