COVID 19 update 06 May: කොවිඩ් නිසා වසර දෙකක් තුළ මිලියන 15 ක අතිරික්ත මරණ සිදු වූ බව WHO පවසයි

2022 මැයි 06 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW Ambulances park in the receiving bay for the Emergency Department at the Liverpool Hospital in Sydney.

NSW Ambulances park in the receiving bay for the Emergency Department at the Liverpool Hospital in Sydney. (file) Source: AAP Image/Bianca De Marchi

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 29 ක් වාර්තා වී ඇති අතර ඊට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 7 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 9 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 11 ක්ද ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
NSW ප්‍රාන්තය කොවිඩ් ආසාදිතයින් 11,309 ක් වාර්තා කර ඇති අතර එයින් බොහෝ පිරිසක් තමන්ට පළමුව කොවිඩ් ආසාදනය වී දින 91 කට පමණ පසුව දෙවනුව යළි කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් වේ.

බටහිර ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 80% ක් මේ වන විට කොවිඩ් එන්නතේ මාත්‍රා ත්‍රිත්වයම ලබා ඇති බව වාර්තා වේ. ගතවූ පැය 24 තුළ ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 9,328 ක් හමුවී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 ජනවාරි 1 සිට 2021 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ අතිරික්ත මරණ මිලියන 14.9 ක් වාර්තා කර ඇත. මෙම අතිරික්ත මරණ සෘජුව හෝ වක්‍රව COVID-19 වසංගතය සමඟ සම්බන්ධ වේ.

අධික පීඩනයක් සහිත සෞඛ්‍ය පද්ධති හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රවේශ විය නොහැකි වීම සහ වෙනත් සෞඛ්‍ය තත්වයන් වක්‍ර සම්බන්ධිත මරණවලට හේතු වී ඇතැයි සඳහන්.

දුර්ලභ රුධිර කැටි ගැසීමේ සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවදානම හේතුවෙන් වැඩිහිටියන් සඳහා ohnson & Johnson's COVID-19 එන්නත භාවිතය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සීමා කර ඇත. ඕස්ට්‍රේලියාව මෙම එන්නත 2021 ජුනි මාසයේදී තාවකාලිකව අනුමත කළ නමුත් එය ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත් වැඩසටහනේ එන්නතක් ලෙස ලබා නොදේ.

ඔස්ට්‍රේලියාවේ ලබා දීමට අනුමැතිය දී ඇති කොවිඩ් එන්නත් වර්ග ලෙස AstraZeneca, Pfizer, Moderna සහ Novavax හැඳින්වේ.

දැනටමත් COVID-19 වැළදී ශ්වසන ආධාරක මත සිටින රෝගීන්ට remdesivir ප්‍රතිකාරය සැලකිය යුතු බලපෑමක් නොමැති බව Lancet හි WHO අරමුදල් සහිත අධ්‍යයනයක් කියා සිටියි.

රෝහල්ගත වූ අනෙකුත් රෝගීන් අතර මරණයට හෝ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ අපහසුතාවට එරෙහිව මෙම ප්‍රතිකාරය කුඩා බලපෑමක් ඇති කරයි. 2020 දී remdesivir භාවිතයට අවසර දුන් පළමු රටවල් අතර ඕස්ට්‍රේලියාවද විය.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 06 May: කොවිඩ් නිසා වසර දෙකක් තුළ මිලියන 15 ක අතිරික්ත මරණ සිදු වූ බව WHO පවසයි | SBS Sinhala