COVID 19 update 15 Sep: කොවිඩ් වසංගතයේ අවසානය පෙනෙන්නට ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

2022 සැප්තැම්බර් 15 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Australia: Kurilpa Derby

Participants parade through the streets of Brisbane's West End during the Kurilpa Derby on 4 September 2022. The Kurilpa Derby is organised as a community celebration of vibrant and multicultural West End. The event was returned to its original format after having been cancelled in 2020 and radically restructured in 2021 due to the COVID-19 pandemic. Credit: Joshua Prieto/Sipa USA

Highlights

සැප්තැම්බර් 11 න් අවසන් වූ සතිය සඳහා නව කොවිඩ් රෝගීන් 28% කින් හා මරණ සංඛ්‍යාව 22% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

ජපානය, කොරියාව, ඇමෙරිකාව, රුසියාව සහ චීනය යන රටවල වැඩිම COVID-19 රෝගීන් වාර්තා වී ඇත.

2020 මාර්තු මාසයේ සිට සතිපතා වාර්තා වූ අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus පැවසුවේය.

"වසංගතය අවසන් කිරීමට අපි කිසි විටෙකත් වඩා හොඳ තත්වයක නොසිටිමු. අපි තවමත් එහි නැත, නමුත් අවසානය පෙනෙන්නට තිබේ," යනුවෙන් ඔහු පැවසීය.

ගෝලීය monkeypox උවදුර පැතිරීම පහත වැටීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවතින බව ද ඔහු පැවසීය.

සෞඛ්‍ය බලධාරීන් Omicron හි නව උප ප්‍රභේදය BA.4.6 නිරීක්ෂණය කරමින් සිටින අතර එය ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ පැතිරෙමින් පවතී. නව උප ප්‍රභේදය ඇමෙරිකාවේ රෝගීන්ගෙන් 9% කට සහ එක්සත් රාජධානියේ 3.3% කට ආසාදනය වී තිබේ.

වික්ටෝරියා සංචාරක කර්මාන්තය COVID-19 හි බලපෑමෙන් පසු යළි පිබිදෙමින් සිටී.

වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක අමාත්‍ය Steve Dimopoulos වසර දෙකකට පසු සංචාරකයින් 2,500ක් සමඟ වික්ටෝරියා ප්‍රාන්තයට සේන්දු වූ ප්‍රථම ප්‍රධාන cruise නෞකාව අද පිළිගත්තේය.

ඔක්තෝබර් අග සිට ලබන වසරේ අප්‍රේල් දක්වා තවත් cruise නෞකාවන් පැමිණීමට අපේක්ෂා කෙරේ.

දැනට පවතින COVID-19 වසංගතය නොතකා තරුණ ඔස්ට්‍රේලියානුවන්ගේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම ක්‍රමිකව වැඩිදියුණු වී ඇති බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ නව විශ්ලේෂණයකින් පෙන්නුම් කරයි.

වයස අවුරුදු 18-24 අතර ඔස්ට්‍රේලියානුවන් තම ජීවිතය සහ අනාගතය ගැන වඩාත් සුබවාදීව සිතන අතර, වයස අවුරුදු 45-64 අතර ඔස්ට්‍රේලියානුවන් හා සසඳන විට අඩු මානසික පීඩාවක් අත්විඳින බව පර්යේෂණයෙන් පෙන්වා දී ඇත.

 

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now