SKIP TO MAIN CONTENT

COVID 19 update 02 Dec: Omicron මර්දනය කිරීමට ඒ ඒ රටවලට වෙන්වූ කොවිඩ් නීති WHO යෝජනා කරයි

2021 දෙසැම්බර් 02 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Director General Tedros
WHO director-general Tedros Adhanom Ghebreyesus says that blanket bans do not prevent the spread of Omicron variant. Source: AAP

2 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS



Skip to article content

Highlights

  • දැඩි සංචරණ තහනම් කිරීම් ඇතුළු දැඩි කොවිඩ් නීති පැනවීමෙන් Omicron ප්‍රභේදය පැතිරීම වැළැක්විය නොහැකි බවත් ඒවායින් මිනිසුන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන් මත විශාල පීඩනයක් යොදවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus පවසයි. Omicron ප්‍රභේදය මේ වන විට ලෝකයේ රටවල් 23 කින් වාර්තා වේ.
  • කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් සංචාරය කිරීම් කල් දැමිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අදාළ රටවලට උපදෙස් දී ඇත.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හත්වන Omicron ආසදිතයාද හමුවී තිබේ. එම පුද්ගලයා දකුණු අප්‍රිකාවේ සිට නොමැති අතර දෝහා සිට පැමිණි ගුවන් යානයේදී ඔහුට වයිරසය සම්ප්‍රේෂණය සිදු වන්නට ඇතැයි NSW Health සැක කරයි.
  • Omicron ප්‍රභේදය දැනටමත් වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව තුළ බොහෝ දුරට ඇති බව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
  • කොවිඩ් එන්නත්කරණ අනුපාතය දැන් ඉහළ මට්ටමක ඇති නිසා දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එතරම් අදාළ නොවන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
  • ඊයේ දිනයේදී ගෝල්ඩ් කෝස්ට් හි වාර්තා වූ කොවිඩ් ආසදිතයා Black Friday දිනයේ සාප්පු සවාරි ගොස් ප්‍රජාව තුළ ක්‍රියාකාරීව සිටි බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,419 ක් සමග කොවිඩ් මරණ 10 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 271 ක් හමුවී ඇත.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 8 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now