COVID 19 update 15 June: ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපලවල මුව ආවරණ පැළදීමේ නීති ලිහිල් කෙරේ

2022 ජුනි 15 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

The NT has become the first Australian jurisdiction to end mandatory face masks at airport terminals following recommendations from the Australian Health Protection Principal Committee (AHPPC).

The Northern Territory has become the first Australian jurisdiction to end mandatory face masks at airport terminals from 18 June. (file) Source: AAP Image/Bianca De Marchi

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 54 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 18 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 13 ක්ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 14 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 03 ක් ද වාර්තා විය.

Australian Capital Territoryහි රෝහල්ගත වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව යළි ඉහළ යමින් පවතී. මේ වන විට එම සංඛ්‍යාව 97 ක් වන අතර එය කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට වැඩිම රෝහල් ගතවීම් සංඛ්‍යාව ද වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
කොවිඩ් වසංගතය තවමත් අවසන් වී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVID-19 තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය Maria Van Kerkove පැවසුවාය.

“අපි මෙම වයිරසය සමග කටයුතු කරන්නේ ගින්නක් සමග සෙල්ලම් කරනවා වගේ… ලෝකයට COVID-19 වසංගතය සමඟ කටයුතු සිදු කිරීමට අවශ්‍ය බව මට වැටහෙනවා, නමුත් එවැනි දැඩි සංසරණය තවත් ප්‍රභේදවලට තුඩු දීමට පුළුවන්. වර්තමාන ප්‍රභේද සමඟ වුවද මරණ ඉතා ඉහළ වන අතර ඒවා වළක්වා ගැනීමට අපට මෙවලම් ඇති විටත් මේ තත්ත්වය උදාවීම පිළිගත නොහැකියි" යනුවෙන් ඇය පැවසුවාය.

සිය මහජන සෞඛ්‍ය හදිසි ප්‍රකාශය ජුනි 15 බදාදා රාත්‍රී 11.59 ට අවසන් වන බව Northern Territory නිවේදනය කරයි.

කෙසේ වෙතත්, සමීප ආශ්‍රිතයින්, කොවිඩ් ආසාදිතයින් සඳහා අනිවාර්ය හුදකලා කිරීම සහ මුව ආවරණ පැළඳීම සම්බන්ධ නීති තව දුරටත් පවතිනු ඇත.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුවේ (AHPPC) නිර්දේශ අනුව ගුවන් තොටුපල පර්යන්තවල මුව ආවරණ අනිවාර්ය කිරීම අවසන් කළ පළමු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය හෝ ටෙරිටරිය බවට Northern Territory පත්ව ඇත

මෙය අනෙක් ප්‍රාන්ත සහ ටෙරිටරි ද අනුගමනය කිරීමට නියමිතය. කෙසේ වෙතත්, පර්යන්තවල මුව ආවරණ පැළඳීමේ නීති ඉවත් කිරීමට පෙර ඔවුන්ට අදාළ මහජන සෞඛ්‍ය නියෝග සංශෝධනය කිරීමට අවශ්‍ය වේ. ජුනි 18 වැනි සිකුරාදා වන විට ඔවුන්ට එය කළ හැකිය.

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි හරහා ගුවන් ගමන් සඳහා තවමත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා COVID-19 බූස්ටර් මාත්‍රාවක් ලෙස Novavax එන්නත තාවකාලිකව අනුමත කර ඇත.

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service