Highlights
- ලොව පුරා කොවිඩ් අසදිතයින්ගේ 8% ඉහල යාමක් පවතින අතර සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන (WHO) ප්‍රධානී Tedros Adhanom Ghebreyesus සඳහන් කරයි.
- මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධාන තාක්ෂණික ප්‍රධානී Maria Van Kerkhove පෙන්වා දෙන්නේ ලොව පුරා කොවිඩ් පරීක්ෂණ වල සැලකියයුතු අඩු මට්ටමක් පවතිද්දී මෙම අසාදිත ඉහල යාම සිදුව ඇති බවයි.
- එමෙන්ම Omicron වෛරස ප්‍රභේදය යනු අවසාන ප්‍රභේදය වශයෙන් මෙන්ම එය එතරම් අනතුරුදායක නොමැති බවට සාවද්‍ය තොරතුරු රැසක් පවතින බවත් ඇය පෙන්වා දෙයි.
- නව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී පුද්ගලයින් රාජකාරි සිදු කරන පැය ගණන 8.9% කින් ඉහල ගොස් ඇති බවයි. ජනවාරි මාසයේදී Omicron හේතුවෙන් වැඩි පිරිසක් අසනීප වීම සහ නිවාඩු ගැනීම මීට හේතුවයි.
- එමෙන්ම පසුගිය වසර 6ක ජනවාරි මාස සමග සැසඳීමේදී 2022 වසරේ ජනවාරි මාසය තුලදී වැඩි පිරිසක් අසනීප නිවාඩු ලබාගැනීම හෝ අසනීප හේතුවෙන් අඩු පැය ගණනක් රාජකාරි කිරීම හෝ සිදු කොට නොමැත.
- දකුණු ඕස්ට්‍රේලියාවේ හුදකලා කාලසීමාවක / හෝ නිරෝධායනය වී සිටින හෝ COVID-19 රෝග ලක්ෂණ ඇති ඡන්දදායකයින්හට මාර්තු 19 වන දින පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්ද පැකේජයක් ලබාගැනීමට ලියාපදිංචි විය හැක.
- මෙම ඡන්ද පැකේජය ලබාගැනීමට සහ ඔවුන්ගේ ඡන්ද පත්‍රිකා ආපසු ලබා දීමට තැපැල් කිරීම සඳහා ඔවුනට නිවසින් බැහැරට යා හැක.
- අප්‍රේල් 17 වැනිදා සිට Cruise නෞකා සඳහා ඕස්ට්‍රේලියානු වරායන්ට පැමිණීමට හැකියාව හිමි වන අතර මෙම තහනම වසර දෙකක පමණ කාලයක් පැවතින. නමුත් මේ සම්බන්ධයෙන් වන නීති සැකසීමට විවිධ ප්‍රාන්ත සඳහා අනුමැතිය පවතී.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 20,087
- කොවිඩ් මරණ - 5
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,036
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 34
වික්ටෝරියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 9,752
- කොවිඩ් මරණ - 7
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 197
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 23
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 7,190
- කොවිඩ් මරණ - 10
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 263
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 19
ටස්මේනියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 1,919
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 25
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 3
ACT
- කොවිඩ් ආසාදිතයින් - 1,311
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 39
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 3
ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

