COVID-19 දිගටම තියේවි, නමුත් වසංගතය ලබන වසරේ අවසන් විය හැකියි: ලෝක සෞඛ්‍ය සංවිධානය

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

SYDNEY CHRISTMAS FISH MARKETS

Assistants serve customers buying prawns for Christmas at Sydney Fish Market in Pyrmont, Sydney. (file) Source: AAP / MICK TSIKAS/AAPIMAGE

සතිපතා නව COVID-19 රෝගීන් සංඛ්‍යාව නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල එක් මට්ටමකට පැමිණ ඇති බව පෙනේ.

දෙසැම්බර් 16 වනදා සිකුරාදා අවසන් වූ සතිය තුළ NSW ප්‍රාන්තය නව කොවිඩ් රෝගීන් 40,695 ක් වාර්තා කළ අතර එය පෙර සතියේ 40,194 ක අගයකි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් සතිපතා නව රෝගීන් 24,652ක් වාර්තා වූ අතර පෙර සතියේ එම අගය 27,790ක් විය.

කෙසේ වෙතත්, ප්‍රාන්ත දෙකෙහිම COVID-19 රෝගීන් රෝහල්ගත කිරීම් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතී.

පෙනී යන දත්තවලින් ඇඟවෙන්නේ සිව්වන කොවිඩ් රැල්ල ප්‍රාන්තයේ උපරිමයට පැමිණ ඇති බව NSW ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය Kerry Chant පැවසුවාය.

කෙසේ වෙතත්, සෝදිසියෙන් සිටින ලෙස සහ COVID-ආරක්ෂිත හැසිරීම් පුරුදු කරන ලෙස ඇය ජනතාවට අවවාද කළාය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ජනවාරි 1 සිට සහනාධාර ලබාදෙන මනෝවිද්‍යා සැසි සංඛ්‍යාව 20 සිට 10 දක්වා ආපසු වෙනස් කරනු ඇත.

කොවිඩ් වසංගතයේ හදිසි අවධියේදී රජයේ COVID ප්‍රතිචාරයේ කොටසක් ලෙස එවකට මොරිසන් රජය අමතර මනෝවිද්‍යා සැසි 10 ක් හඳුන්වා දුන්නේය.

එය තාවකාලික පියවරක් බවත් මේ වසරේ එය අවසන් වීමට නියමිත බවත් මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

ඔස්ට්‍රේලියානුවන් 2021 දී සාමාන්‍යයෙන් සැසි පහක් පමණ භාවිතා කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, විපක්ෂය මෙම තීරණය හැඳින්වූයේ "සම්පූර්ණයෙන්ම හිතුවක්කාර" තීරණයක් ලෙසය.

මෙම සතියේ මධ්‍යම රජය 2023 වසර සඳහා ජාතික COVID-19 සෞඛ්‍ය කළමනාකරණ සැලැස්ම ද හෙළි කළේය.

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතියට අනාගත කොවිඩ් රැළි සහ ප්‍රභේදවලට ප්‍රතිචාර දැක්වීම, එන්නත් කිරීම සහ ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීම සහ පැතිරීම මන්දගාමී කිරීම මෙම ජාතික සැලැස්ම තුළින් සහතික කරන බව සෞඛ්‍ය අමාත්‍ය Butler පැවසීය.

රජය අතිරේක ඩොලර් බිලියන 2.9 ක් ආයෝජනය කරන බවත්, මෙම සැලැස්ම aged care, ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්, ආබාධිත සහ බහු සංස්කෘතික ප්‍රජාවන් සඳහා අමතර උපකාර ලබා දෙන බවත් ඔහු පැවසීය.

රාජ්‍ය PCR පරීක්ෂණ සායන සඳහා 50/50 අරමුදල් විධිවිධාන 2023 දක්වා දීර්ඝ කරන බව ද සෞඛ්‍ය අමාත්‍ය Butler පැවසීය.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානුවන්ට ජනවාරි 1 සිට නොමිලේ PCR ලබා ගැනීමට තම පවුලේ වෛද්‍යවරයාගෙන් නිර්දේශ කිරීමක් අවශ්‍ය වේ.

කොවිඩ් රෝගීන් ඇතුළත් කිරීම් සඳහා ප්‍රාන්ත සමඟ තාවකාලික 50/50 රෝහල් අරමුදල් සැපයීම දෙසැම්බර් 31න් ඔබ්බට දීර්ඝ නොකිරීමට මධ්‍යම රජය තීරණය කර ඇත.

ප්‍රාන්ත පාලනයෙන් මූල්‍ය ප්‍රතිපාදන ඉවත් කිරීමේ නරකම කාලය මෙය බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති Steven Robson මෙම තීරණය විවේචනය කරමින් කියා සිටියේය.

පසුගිය සතියට සාපේක්ෂව නව සතිපතා ගෝලීය මරණ සංඛ්‍යාව 10% කින් වැඩි වී ඇති අතර මරණ 9700 කට වඩා වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය දෙසැම්බර් 14 න් අවසන් වූ සිය නවතම සතිපතා වාර්තාවේ වාර්තා කළේය.

COVID-19 වසංගතය ලබන වසරේ අවසන් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus බලාපොරොත්තු වේ.

“ලබන වසරේ යම් අවස්ථාවක දී, COVID-19 තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවන බව අපට පැවසිය හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” ඔහු මාධ්‍ය හමුවකදී පැවසීය.

"ඇත්ත වශයෙන්ම, මෙම වයිරසය පහව යන්නේ නැත. එය මෙහි රැඳී සිටීනු ඇත, ඉන්ෆ්ලුවෙන්සා සහ RSV ඇතුළු අනෙකුත් ශ්වසන රෝග සමඟ එය කළමනාකරණය කිරීමට සියලු රටවල් ඉගෙන ගත යුතුය, මේ දෙකම දැන් බොහෝ රටවල තීව්‍ර ලෙස සංසරණය වෙමින් පවතී." යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව ජනවාරි මාසයේදී වසංගතය අවසන් කිරීම පිළිබඳව තීරණය කරනු ඇත.

ජපානය, ඇමෙරිකාව, කොරියාව, ප්‍රංශය සහ බ්‍රසීලය රටවල් මට්ටමින් වැඩිම COVID-19 රෝගීන් වාර්තා කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now