කෝවිඩ් වලින් තම සේවකයින් ආරක්ෂා කිරීමට සේවා යෝජකයන් තවමත් නීතියෙන් බැඳී ඇතැයි, Australian Unions පවසයි

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

ANDREW GILES WOOLWORTHS REFUGEE PRESSER

Employees at Woolworths. (file) Source: AAP / JONO SEARLE/AAPIMAGE

Key Points

  • ඕස්ට්‍රේලියාවේ සතිපතා වාර්තා වන නව COVID-19 ආසාදිතයින් අඛණ්ඩව අඩුවෙමින් පවතී
  • ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය, RAT පරීක්ෂණ වල නිරවද්‍යතාවය පිළිබඳ ගැටලු මතු කරන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි
  • COVID-19 හදිසි තත්වයක් වශයෙන් සැලකීම මැයි 11 වනදා අවසන් කිරීමට ඇමරිකාව තීරණය කරයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා සතිපතා වාර්තා වන නව COVID-19 ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ මරණ අඛණ්ඩව අඩුවෙමින් පවතින බව වාර්තා වේ.

ගෙවී යන සතිය පුරා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,567 ක් වාර්තා වූ අතර පෙර සතියේ ආසාදිතයින් 7,653 ක් වාර්තා විය. ඒ හා සමානව, වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 3,056 ක් වාර්තා වූ අතර, එය පෙර සතියේ ආසාදිතයින් 3,446 ට සාපේක්ෂව අඩු අගයකි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant පවසන්නේ, වත්මන් දත්ත වලට අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල මෙවර කොවිඩ් රැල්ල අඩු තත්වයකට පත් වෙමින් තිබෙන බවයි.

Australian Unions මගින් සේවා යෝජකයන්ට සඳහන් කොට සිටින්නේ සෑම සේවකයකුම ආරක්ෂිතව තබා ගැනීමට සේවා යෝජකයන්ට තවමත් නීතිමය බැඳීම් පවතින බවයි.

COVID වෛරසය, සේවා ස්ථාන වල සැබෑ ප්‍රජා අවදානමක් ලෙස තවදුරටත් පවතින අතර, සේවකයින් රැකියාවේදී ආරක්ෂිතව තබා ගැනීමට සේවායෝජකයාට නීතිමය බැඳීමක් ඇති බව රැකියා ස්ථානයේ නීති පැහැදිලිව සඳහන් කරන බවත් ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් වගකීම පැහැර හැරීමට සේවායෝජකයාට හැකියාවක් නොමැති බවත් ඔවුන් අවධාරණය කොට සිටී.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙන්නේ, කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට වැඩිහිටි සහ වයස්ගත සත්කාරක පහසුකම්වල සිටින පිරිස 5,000 කට වැඩි සන්ක්යාවක් COVID-19 වෛරසයට ට ගොදුරු වී ඇති බවයි.

ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය වත්මන් RAT පරීක්ෂණ වල නිරවද්‍යතාවය පිළිබඳව ප්‍රශ්න මතු කරන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කොට තිබේ.

ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියේ විද්‍යාඥයින්, Peter Doherty ආසාදන හා ප්‍රතිශක්තිකරණ ආයතනය සහ ජාතික (Serology) විමර්ශන රසායනාගාරය මගින් මෙම RAT පරීක්ෂණ වල නිරවද්‍යතාවය අනුමත කොට ඇති බව ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය පවසයි.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ භාවිත වන මෙම RAT පරීක්ෂණ කට්ටල, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සකසා ඇති සංවේදීතාව සඳහා වන සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවට ආනයනය කල RAT පරීක්ෂණ කට්ටල මාදිලි 03ක් පමණක් මෙම අවශ්‍යතාවලට අනුකූල නොවූ අතර, ඒවා මේ වනවිට වෙළඳපොලෙන් ඉවත් කොට ඇති බවත් ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය පෙන්වා දෙයි.

පසුගිය දින 28ක කාලය තුළ ගෝලීය වශයෙන් නව COVID-19 ආසාදිතයින් පහත වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර පැසිෆික් කලාපය තුල නව COVID-19 ආසාදිතයින් 81% ක අඩුවීමක් දක්නට ලැබුණු නමුත් මරණ සංඛ්‍යාව 173% කින් ඉහළ ගොස් තිබේ.

චීනය, ඇමරිකාව, ජපානය, බ්‍රිතාන්‍යය සහ බ්‍රසීලය, රටවල් මට්ටමින් ඉහලම කොවිඩ් මරණ වාර්තා කොට තිබේ.

කෙසේ නමුත් මැයි 11 වන දින සිට ඇමරිකාව, කොවිඩ් තත්වයක් වශයෙන් නොසලකන අතර ඇමරිකානුවන්ට නොමිලේ පරීක්ෂණ, එන්නත් සහ ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ සැලසීම සිදු කරයි.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT  

New South Wales  

Northern Territory 

Queensland

South Australia 

Tasmania  

Victoria  

Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT 

New South Wales 

Northern Territory 

Queensland

South Australia 

Tasmania 

Victoria 

Western Australia

ඔබ ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT  

New South Wales 

Northern Territory 

Queensland

South Australia 

Tasmania 

Victoria 

Western Australia

ඔබ විදේශගත වීමට පෙර නවතම සංචාරක අවශ්‍යතා සහ උපදේශන පරීක්ෂා කරන්න

උපකාරක සඳහා පිවිසෙන්න

ඔබේ භාෂාවෙන් COVID-19 සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා පිවිසෙන්න


Share

3 min read

Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now