"Long-COVID" ළමුන්ගේ දෛනික ජීවන රටාවට බලපාන බව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

AUSTRALIA-SYDNEY-RESTRICTIONS-EASING

A teacher welcomes students outside a primary school in Sydney, Australia. (file) Credit: Xinhua News Agency/Xinhua News Agency via Getty Ima

Key Points

  • ළමුන්ගේ long-COVID රෝග ලක්ෂණ වශයෙන් තෙහෙට්ටුව, ගඳ සුවඳ දැනීමේ වෙනස සහ කාංසාව හඳුනාගෙන තිබේ
  • ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly, long-COVID පිළිබඳ සෙනෙට් පරීක්ෂණයකට මුහුණ දී තිබේ
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් සතිපතා වාර්තා වන නව කොවිඩ් ආසාදිතයින්ගේ ඉහල යමක් දක්නට ලැබේ

ළමුන්ගේ long-COVID රෝග ලක්ෂණ වශයෙන් තෙහෙට්ටුව, ගඳ සුවඳ දැනීමේ වෙනස සහ කාංසාව හඳුනාගෙන තිබේ

ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly, long-COVID පිළිබඳ සෙනෙට් පරීක්ෂණයකට මුහුණ දී තිබේ

වික්ටෝරියා ප්‍රාන්තයෙන් සතිපතා වාර්තා වන නව කොවිඩ් ආසාදිතයින්ගේ ඉහල යමක් දක්නට ලැබේ

ළමුන්ට සහ නව යොවුන් වියේ පිරිසට long-COVID සම්බන්ධයෙන් සායනික නිර්වචනයක් නිකුත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

long-COVID මගින් බලපෑම් එල්ල වූ ළමුන්ට ඔවුන්ගේ නිරෝගී සම වයසේ මිතුරන්ට වඩා තෙහෙට්ටුව, ගඳ සුවඳ දැනීමේ වෙනස සහ කාංසාව ඇතිවීමට ඉහල ඉඩකඩක් පවතින බව එහි සඳහන් වේ.

මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ළමුන්ගේ, ආහාර පුරුදු, ශාරීරික ක්‍රියාකාරකම්, හැසිරීම්, අධ්‍යයන කාර්ය සාධනය, සමාජ ක්‍රියාකාරකම් සහ සංවර්ධනය වැනි එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා බලපාන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

දැඩි ලෙස COVID 19 අසාදනය වී සුවය ලැබීමෙන් පසු රෝග ලක්ෂණ අලුතින් ආරම්භ විය හැකි අතර එසේ නොමැතිනම් මුල් රෝගලක්ෂණ අඛණ්ඩව පැවතිය හැක. එම රෝග ලක්ෂණ කාලයත් සමග වැඩි වීමට හෝ නැවත යථා තත්ත්වයට පත් වීමට හැකි බවත් වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ළමුන් තුළ මෙම රෝග ලක්ෂණ පළමු කොවිඩ් ආසාදනයෙන් මාස තුනක් ඇතුළත ආරම්භ විය හැකි අතර වැඩිහිටියන්ට මෙන් රෝග ලක්ෂණ අවම වශයෙන් මාස දෙකක් දක්වා පැවතිය හැකි බවයි.

තෙහෙට්ටුව, හුස්ම හිරවීම, හුස්ම ගැනීමේ අපහසුව, මතකය සම්බන්ධ ගැටලු, නින්ද සම්බන්ධයෙන් වන ගැටලු, නොනවතින කැස්ස, පපුවේ වේදනාව, කතා කිරීමේ අපහසුව, මාංශ පේශි වල කැක්කුම, සුවඳ හෝ රසය නැතිවීම, මානසික අවපීඩනය හෝ කාංසාව සහ උණ, වැඩිහිටියන්ගේ long-COVID රෝගලක්ෂණ වේ.

Institute for Health Metrics and Evaluation හි දත්ත පෙන්වා දෙන්නේ 2021 වසර අවසන් වන විට මිලියන 145 ක පිරිසක් long-COVID තත්වයට ගොදුරු වී ඇති බවයි.

සිකුරාදා දින ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly සහ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී Michael Kidd long-COVID පිළිබඳ වූ සෙනෙට් පරීක්ෂණයකට මුහුණ දී තිබේ.

මෙහිදී ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly සඳහන් කොට සිටියේ COVID සමඟ කටයුතු කිරීමට රජය උපාය මාර්ගයක් සකස් කරමින් සිටින බවයි.

කෙසේ නමුත් මෙය ක්‍රියාත්මක වන කාලසීමාවක් ඔහු සපයා නැති බව වාර්තා වේ.

මහාචාර්ය Paul Kelly සඳහන් කොට ඇත්තේ නිසි තොරතුරු නොමැතිකම හේතුවෙන් long-COVID පිළිබඳව දත්ත එකතු කිරීම සංකීර්ණ සහ අභියෝගාත්මක කටයුත්තක් වන බවයි.

එමෙන්ම මේ වනවිට භාවිත කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය සහ බ්‍රිතාන්‍ය NICE අර්ථ දැක්වීම පුළුල් පර්යේෂණ සඳහා විශිෂ්ට වන බවත් ඔහු පෙන්වා දී තිබේ.

එමෙන්ම බ්‍රහස්පතින්දා දිනයේදී ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly කියා සිටියේ මේ වසරේදී තවත් COVID-19 රැලි දෙකක් පමණ අපේක්ෂා කරන බවයි.

COVID-19 වසංගතය ආරම්භ වූ දා සිට ඕස්ට්‍රේලියානුවන් 18,000 පමණ මියගොස් ඇති අතර එමගින් 14,855 දෙනෙකු පමණ 2022 දී මියගොස් තිබේ.

සිකුරාදා දින, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සතිපතා වාර්තා වන COVID ආසාදිතයින්ගේ සුලු අඩුවීමක් නිවේදනය කොට තිබේ.

මෙම සතිය තුලදී වාර්තා කල අසාදිත සංක්‍යාව 6,033 ක් වන අතර එය මින් පෙර සතියේ වාර්තා වූ ආසාදිතයින් 6,440 ට වඩා සුලු අඩු වීමකි.

නමුත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙම සතිය තුලදී ආසාදිතයින් 3,344 ක් වාර්තා වී ඇති අතර එය පසුගිය සතියේ වාර්තා වූ ආසාදිතයින් 2,941 ට සාපේක්ෂව ඉහල අගයකි.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT  

New South Wales  

Northern Territory 

Queensland

South Australia 

Tasmania  

Victoria  

Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT 

New South Wales 

Northern Territory 

Queensland

South Australia 

Tasmania 

Victoria 

Western Australia

ඔබ ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT  

New South Wales 

Northern Territory 

Queensland

South Australia 

Tasmania 

Victoria 

Western Australia

ඔබ විදේශගත වීමට පෙර නවතම සංචාරක අවශ්‍යතා සහ උපදේශන පරීක්ෂා කරන්න

උපකාරක සඳහා පිවිසෙන්න

ඔබේ භාෂාවෙන් COVID-19 සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා පිවිසෙන්න


Share

4 min read

Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now