BA.4 සහ BA.5 කොවිඩ් ප්‍රභේද ඉලක්ක කරමින් ඕස්ට්‍රේලියාව Pfizer - bivalent එන්නත අනුමත කරයි

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Travel: Sydney

People at Harbour Bridge in Sydney, Australia. Credit: Sergi Reboredo/Sipa USA

Key Points

  • ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් COVID-19 එන්නතක් නිපදවීමේ මීළඟ අදියර කරා ගමන් කරයි
  • COVID-19 වෛරසය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස අඛණ්ඩව පවතතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
  • නව XBB.1.5 උප ප්‍රභේදයට, කොවිඩ් එන්නත් මාත්‍රා තුනක් ලබාගත් පිරිසගේ පවා ප්‍රතිශක්තිකරණයට බලපෑම් සිදු කල හැක

ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය (TGA) මගින් Pfizer හි bivalent COVID-19 එන්නත සඳහා තාවකාලික අනුමැතිය ලබා දී ඇත. BA.4 සහ BA.5 ප්‍රභේද ඉලක්ක කර ගනිමින් මොවුන් වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර එන්නතක් ලෙස එය භාවිතා කිරීමට මෙලෙස අනුමැතිය ලබා දී තිබේ.

Pfizer සමාගමේ BA.1 Omicron මුල් bivalent එන්නතට 2022 ඔක්තෝබර් 27 දින තාවකාලිකව අනුමැතිය ලැබිණ.

මේ වනවිට ප්‍රාන්ත සහ ටෙරිටරි වලින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංක්‍යාව අඛණ්ඩව අඩුවෙමින් පවතී.

ගෙවීගිය සතිය පුරා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 7,653 ක් වාර්තා වූ අතර පෙර සතියේ ආසාදිතයින් 9,062 ක් වාර්තා විය. ඒ හා සමානව, වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 3,446 ක් වාර්තා වූ අතර, එය පෙර සතියේ ආසාදිතයින් 4,912 ට සාපේක්ෂව අඩු අගයකි.

UNSW RNA ආයතනයේ, Garvan වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහ Kirby ආයතනයේ විද්‍යාඥයින් මේ වනවිට "variant-proof" හෙවත් "පුළුල් උදාසීන ප්රතිදේහ ලෙස හැඳින්වෙන විශේෂිත ආරක්ෂිත ප්‍රතිදේහ පන්තියකින් සමන්විත" COVID-19 එන්නතක් නිපදවීමේ මීළඟ අදියර කරා ගමන් කරමින් සිටී.

මෙම වසර අවසන් වන විට මෙහි සායනික පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

මෙම එන්නත නිසි ලෙස සංවර්ධනය කොට භාවිතය සඳහා අනුමත කළ පසු, පුද්ගලයින්ට බූස්ටර මාත්‍රා අඛණ්ඩව ලබාගැනීමට වන අවශ්‍යතාවය අවසන් වේ.

ඇමරිකාවද මේ වනවිට කොවිඩ් වෛරසය සඳහා වසරකට වරක් පමණක් ලබාගැනීමට අවශ්‍ය වන එන්නතක් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී.

වික්ටෝරියා ප්‍රාන්තය සිය සියලුම ප්‍රාන්ත වැසියන්ට සඳහන් කොට සිටින්නේ සෑම අයකුටම තම ප්‍රාදේශීය සභාවලින් නොමිලේ RAT පරීක්ෂණ කට්ටල ලබාගත හැකි බවයි.

ආබාධිත පුද්ගලයින්ට සහ ඔවුන් රැකබලා ගන්නන්ට RAT පරීක්ෂණ කට්ටල හතරක් දක්වා ලබාගත හැක.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මේ වනවිට Omicron ප්‍රභේදයෙන් පැවත එන උප ප්‍රභේද හතරක් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරයි. මේ සඳහා BF.7, BQ.1, BA.2.75 සහ XBB.1.5 ඇතුලුව XBB යන උප ප්‍රභේද ඇතුලත් වේ.

එමෙන්ම XBB.1.5 යන උප ප්‍රභේදය mRNA එන්නත් මාත්‍රා තුනක් එන්නත් කරන ලද පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය අභිබවා යාමට හැකියාව පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ අනුව මෙම උප ප්‍රභේදයට වෙනත් Omicron උප ප්‍රභේදවලට වඩා සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ සහ ඉහළ ප්‍රතිශක්තිකරණකින් ගැලවීමක් හැකියාවක් පවතී.

කෙසේ නමුත් මෙම උප ප්‍රභේදය, ආසාදනයේ තීව්‍රතාවය ඉහල දමන බවට වන මුල් සලකුණු නොපෙන්වයි.

රටවල් 50කට වඩා වැඩි සංක්‍යාවක් මෙම ප්‍රභේදයේ අසාදන වාර්තා කර ඇති අතර, ඇමරිකාව 75%, බ්‍රිතාන්‍යය 9.9% සහ කැනඩාව 3% ආසාදිතයින් වාර්තා කොට තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව බ්‍රහස්පතින්දා තීරණය කොට ඇත්තේ, COVID-19 වසංගතය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස අඛණ්ඩව සලකන බවයි.

මෙම කමිටුව 2020 ජනවාරි 30 දින රැස්වීමේදී COVID-19 "වසංගතයක්" වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT  New South Wales  Northern Territory Queensland

South Australia Tasmania  Victoria  Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔබ ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT  New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔබ විදේශගත වීමට පෙර නවතම සංචාරක අවශ්‍යතා සහ උපදේශන පරීක්ෂා කරන්න

උපකාරක සඳහා පිවිසෙන්න

ඔබේ භාෂාවෙන් COVID-19 සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා පිවිසෙන්න


Share

3 min read

Published

By SBS NACA, Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now