ඔස්ට්‍රේලියාවේ COVID ආසාදන අනුපාතය මන්දගාමී විය හැකි නමුත් අවදානම දිගටම පවතින බවට අනතුරු ඇඟවීම්

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW CORONAVIRUS COVID19

Infection rate maybe slowing down Source: AAP / DAN HIMBRECHTS/AAPIMAGE

මේ සතියේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයින් 27,750 කට COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත. එය පෙර සතියට සාපේක්ෂව 17.6% ක ඉහළ යාමකි. COVID-19 සඳහා PCR පරීක්ෂණ ද 16.8% කින් වැඩි වී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙවී යන සතියේ කොවිඩ් ආසාදිතයින් 22,281 ක් අලුතින් වාර්තා වී ඇති අතර එය පෙර සතියට සාපේක්ෂව 9.5% ක ඉහළ යාමකි. ඒ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් මරණ සංඛ්‍යාව පසුගිය සතියේ 46 සිට මේ සතියේ 68 දක්වා වැඩි විය.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ PCR පරීක්ෂණ අඛණ්ඩව වැඩි වුවද, රෝගීන්ගේ අනුපාතය මන්දගාමී වන අයුරු පෙනෙන්නට ඇති බව NSW Health පවසයි.

රෝගීන්ගේ සංඛ්‍යා අඩු වුවද, සෑම දිනකම සැලකිය යුතු සංඛ්‍යාවක් රට තුළ තවමත් ආසාදනය වනු ඇති බව මෙම සතිය මුලදී SBS වෙත අදහස් දැක්වූ ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Michael Kidd අනතුරු ඇඟවූයේය.

එනිසාම කොවිඩ් ආසාදනය වීමේ අවදානම තවමත් පවතින බව ඔහු පැවසීය.

COVID ආසාදන අලුත් අවුරුද්දෙන් ඔබ්බට ද පවතිනු ඇතැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

COVID-19 ආසාදනය වී සිටින වික්ටෝරියානු ප්‍රාන්තයේ ඡන්දදායකයින්ට නොවැම්බර් 26 වනදා සෙනසුරාදා වයඹ දිග මෙල්බර්න් හි පිහිටි drive-through ස්ථානයකදී තම ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වේ.

ඔබට කොවිඩ් ධනාත්මක බවට වූ rapid antigen පරීක්ෂණයක ප්‍රතිඵලයක් (RAT) හෝ ධනාත්මක PCR පරීක්ෂණයක ප්‍රතිඵලයක් තහවුරු කරන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් එවූ කෙටි පණිවිඩයක් අදාළ බලධාරීන්ට එහිදී සැපයීමට අවශ්‍ය වනු ඇත.

ABC රුපවාහිනියට අනුව බටහිර ඔස්ට්‍රේලියාවේ aged care නිවාසවල COVID ආසාදන වැඩිවෙමින් පවතින අතර පසුගිය මාස දෙක තුළ එම සංඛ්‍යා තුන් ගුණයකින් වැඩි වී තිබේ.

මුව ආවරණයක් සෑම විටම අතේ තබා ගන්න එවිට ඔබට ඒවා ජනාකීර්ණ ගෘහස්ථ ස්ථානවල, පොදු ප්‍රවාහනයේදී සහ වෙනත් අධික පුද්ගල තදබදයක් ඇති ස්ථානවල පැළඳිය හැකිය. ඔබ අධි අවදානම් සහිත ස්ථාන වෙත පැමිණෙන්නේ නම් හෝ ආසාදනය වුවහොත් දරුණු රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් පිළිබඳ සිතා මුව ආවරණ පැළඳීම ගැන සලකා බලන්න.

නිව් සවුත් වේල්ස් හි රෝහල්වල සියලුම ස්ථානවල මුව ආවරණ පැළඳිය යුතුය.

පෙර වාර්තා වූ කාලපරිච්ඡේදය හා සසඳන විට මේ සතියේ නව ගෝලීය COVID රෝගීන් සංඛ්‍යාව 5% කින් අඩු වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතිපතා වසංගත රෝග යාවත්කාලීන කිරීම් වලට අනුව සතිපතා කොවිඩ් මරණ සංඛ්‍යාව ද 13% කින් අඩු වී තිබේ.

ජපානය, කොරියානු ජනරජය, ඇමෙරිකාව, ප්‍රංශය සහ චීනය රටවල් මට්ටමින් වැඩිම ගෝලීය COVID-19 රෝගීන් වාර්තා කර ඇත.

චීනය මාස 6 ක් තුළ එහි විශාලතම COVID පැතිරීම වාර්තා කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


3 min read

Published

By Yumi Oba, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now