නත්තල් සහ අලුත් අවුරුදු උත්සවවලට පෙර COVID අවදානම තක්සේරු කරන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට උපදෙස්

දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට COVID-ආරක්ෂිත සැලැස්මක් පිළිබඳව ඔවුන්ගේ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය Kerry Chant ඉල්ලා සිටියාය.

Akiko Pollock .jpeg

Akiko Pollock (left) and her mother Yumi (right). Credit: Akiko Pollock

බරපතල රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් සහ වැඩිහිටි පුද්ගලයින් COVID-ආරක්ෂිත සැලැස්මක් පිළිබඳව ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය Kerry Chant ඉල්ලා සිටියාය.

"ඔබේ PCR පරීක්ෂණය පහසු කිරීම සඳහා ඔවුන් ඔබට pathology form එකක් ලබා දිය හැකි අතර ඔබ COVID ප්‍රතිවෛරස් සඳහා සුදුසුකම් ලබන්නේ දැයි ඔබට දන්වනු ඇති," යනුවෙන් වෛද්‍ය Chant පැවසුවාය.

කොවිඩ් එන්නත් ලබාගෙන තිබීම දරුණු රෝගාබාධවලට එරෙහිව හොඳම ආරක්ෂාව වන බැවින් ඔබ කොවිඩ් එන්නත් ලබාගැනීමේදී යාවත්කාලීනව සිටින බවට වග බලා ගත යුතු බව ඇය තවදුරටත් පැවසුවාය.

මේ අතර අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට ඔවුන්ගේ ආසාදන අවදානම සහ සමාජ උත්සවවලට සහභාගී වීමේ ප්‍රතිලාභ තක්සේරු කිරීමට විකල්පයක් ලබා දිය යුතු බව Deakin විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Hassan Vally පැවසුවේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔවුන් ප්‍රමුඛතා සහ අවදානම තේරුම් ගනී යැයි යමෙකු උපකල්පනය නොකළ යුතු බවද වෛද්‍ය Vally පැවසීය.

වයස්ගත ඔස්ට්‍රේලියානුවන් සහ ආබාධ සහිත පුද්ගලයින් තවමත් COVID-19 නිසා දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන හෙද සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනී මහාචාර්ය Alison McMillan පැවසුවාය.

ඔබ disability හෝ aged care නිවාසයක සිටින ආදරණීයයෙකු බැලීමට යනවානම් ඒ පිළිබඳ කලින් සැලසුම් කර අදාළ අවශ්‍යතා පරීක්ෂා කරබලා යන ලෙස මහාචාර්ය Alison McMillan සඳහන් කළාය.

අත් හොඳින් සේදීම හෝ කහිනා විට යහපත් ආචාර විධි වැනි සෞඛ්‍ය සම්පන්න සනීපාරක්ෂක හැසිරීම් දිගටම කරගෙන යන ලෙස ඇය නිවැසියන්ගෙන් ඉල්ලා සිටියාය.
Hassan Vally Photo 2.jpg
Deakin University's associate professor in epidemiology, Hassan Vally Credit: Hassan Vally

සාදයකට සහභාගී වීමේදී ගත යුතු පූර්වාරක්ෂාව

කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් නත්තල් හෝ අලුත් අවුරුදු සාදයකට සහභාගී වීමට පෙර COVID-19 සඳහා පරීක්ෂා කළ යුතු බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පැවසුවේය.

ධනාත්මක බව පරීක්‍ෂා කළහොත් අවම වශයෙන් දින පහක් හෝ හුදකලා වන ලෙස ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා ඇත.

විශාල ජනකායක් රැස්වන තැනකට යාමට පෙර RAT පරීක්ෂණයක් කරගැනීමෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට උපකාර කළ හැකි බව වෛද්‍ය Vally පැවසීය.

කෙසේ වෙතත්, වැදගත්ම දෙය නම්, ඔබ COVID වලට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත්ද යන්න නොසලකා, ඔබට දැනට පවතින ශ්වසන රෝග ලක්ෂණ ඇත්නම් හෝ මෑත කාලීන COVID ආසාදනයකින් තවමත් සුවය ලබමින් සිටී නම්, මෙම ජනාකීර්ණ ස්ථානවලින් ඉවත් විය යුතුය.

සාදයක් පැවැත්වීමේදී ගත යුතු පූර්වාරක්ෂාවන්

ජනතාව එළිමහනේ සාද පැවැත්විය යුතු අතර COVID පැතිරීම අවම කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගත යුතු බව වෛද්‍ය Vally පැවසීය.

සාදා පවත්වන නිවැසියන්ට විදුලි පංකා සහ වායු සමීකරණ භාවිතයෙන් හෝ දොරවල් සහ ජනෙල් විවෘත කිරීමෙන් වාතාශ්‍රය උපරිම කළ හැක.
"ආගන්තුකයින් සංඛ්‍යාව සීමා කරන්න සහ සහභාගී වීමට පෙර rapid antigen පරීක්ෂණයක් (RAT) කිරීමට හෝ ඇතැම් අවස්ථාවන්හිදී මුව ආවරණයක් පැළඳීමට ඔවුන්ව දිරිමත් කරන්න," වෛද්‍ය Vally පැවසීය.

එමෙන්ම, අමුත්තන් සඳහා කාමර ඕනෑ තරම් ඇති බවත් මතුපිට නිතර පිරිසිදු කර විෂබීජහරණය කර ඇති බවටත් සහතික වන ලෙසත් වෛද්‍ය Vally පැවසීය.



Share

Published

By Yumi Oba, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service