Moderna හි BA.4/BA.5 bivalent එන්නතට, ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියෙන් අනුමැතිය

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

AUSTRALIAN ISLAMIC CENTRE POP UP VAX CENTRE

A Melbourne resident receives his COVID-19 vaccine at a clinic in Newport. Source: AAP / JAMES ROSS/AAPIMAGE

Key Points

  • පෙබරවාරි 28 වන දින සිට, ධනාත්මක RAT ප්‍රතිඵල වාර්තා කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය පියවර ගෙන තිබේ
  • දේශීය හා ජාත්‍යන්තර සංචාර තවමත් පූර්ව වසංගත මට්ටම් කරා ගොස් නොමැති බව සිඩ්නි ගුවන් තොටුපල දත්ත පෙන්නුම් කරයි
  • පසුගිය දින 28 තුළ ගෝලීය COVID රෝගීන්ගේ 89% ​​ක අඩුවීමක් පවතින බව, ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි

ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය (TGA) මගින් මුල් Omicron ප්‍රභේදය සහ BA.4/BA.5 ප්‍රබේදයන් ඉලක්ක කර ගනිමින් Moderna හි bivalent COVID-19 එන්නත තාවකාලිකව අනුමත කොට තිබේ.

එමෙන්ම මුල් Omicron ප්‍රබේදය සහ BA.1 ප්‍රබේදය ඉලක්ක කරන Moderna හි bivalent එන්නත ඕස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායම මගින්ද මේ වනවිටත් අනුමත කොට තිබේ.

කෙසේ නමුත්, මෙම එන්නත වයස අවුරුදු 12 සහ ඊට වැඩි පිරිසට මෙය බූස්ටර් එන්නතක් ලෙස භාවිතා කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) අනුමැතිය ලබාදිය යුතුව තිබේ.

Burnet ආයතනයේ ප්‍රධාන විධායක Brendan Crabb පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවක් හමුවේ සඳහන් කොට සිටියේ long COVID සම්බන්ධයෙන් වන දැනුවත් කිරීම් වෙනස් විය යුතු බවයි.

මෙම long COVID මගින් බලපෑමට ලක් වූ පුද්ගලයින් රජය මගින් අතහැර දමා ඇති බවක් දැනී ඇති බවත් ඔහු පවසයි.

එමෙන්ම ඕස්ට්‍රේලියානු ප්‍රතිපත්ති බොහෝ දුරට උග්‍ර COVID තත්ත්ව සම්බන්ධයෙන් පමණක් අවධානයක් යොමු කරන අතර ඔවුන් අවදානමට ලක්විය හැකි පිරිස සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කරන බවත් Brendan සඳහන් කරයි.

එමෙන්ම එන්නත් යාවත්කාලින කල පුද්ගලයින්ට සාපේක්ෂව, එන්නත් නොකළ පුද්ගලයින් රෝහල්ගත වීමේ අවදානම අට ගුණයකින් ඉහල අතර මරණ අවදානම පස් ගුණයකින් වැඩි බව නව විශ්ලේෂණයකින් පෙන්නුම් කොට තිබේ.

සිඩ්නි ගුවන් තොටුපල මගින් නිකුත් කල නවතම දත්ත පෙන්වා දෙන්නේ, ඕස්ට්‍රේලියාවේ දේශීය හා ජාත්‍යන්තර සංචාර තවමත් පූර්ව වසංගත මට්ටම කරා ළඟා වී නොමැති බවයි.

2023 ජනවාරි මාසයේදී ගුවන් මගීන් 3,120,000ක් සිඩ්නි ගුවන් තොටුපළ හරහා සංචාරය කොට ඇති අතර එය 2019 ජනවාරි මාසයේදී ගුවන් තොටුපළ භාවිත කළ ගුවන් මගීන්ගෙන් 79%ක් පමණ වේ.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය පෙබරවාරි 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ධනාත්මක RAT ප්‍රතිඵල වාර්තා කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි රජය, මේ වනවිට සිය ධනාත්මක RAT පරීක්ෂණ ප්‍රතිඵල වාර්තා කිරීමට අවශ්‍ය වන රටේ එකම රජය වේ.

එමෙන්ම 2023 මාර්තු 1 සිට, ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි වැසියන්ට (Heritage Library හැර) රාජ්‍ය පුස්තකාලය මගින් සහ Access Canberra සේවා මධ්‍යස්ථාන ඇතුලු ස්ථාන කිහිපයකින් නොමිලේ RAT පරීක්ෂණ කට්ටල එකතු කළ හැක.

ගෙවී යන සතිය පුරා (සිකුරාදා වන විට) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් සුළු වැඩිවීමක් පෙන්නුම් කල අතර, ආසාදිතයින් 6,545 ක් වාර්තා වී තිබේ. එය ඊට පෙර සතියේ ආසාදිතයින් 6,033 වඩා සුලු ඉහලයාමකි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 3,052 ක් වාර්තා වූ අතර, එය පෙර සතියේ ආසාදිතයින් 3,334 ට සාපේක්ෂව අඩු අගයකි.

පසුගිය දින 28 තුළ ගෝලීය වශයෙන් කොවිඩ් ආසාදිතයින් 89% ක අඩුවීමක් සහ මරණ සංඛ්‍යාව 62% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කරයි.

චීනය, ජපානය, ඇමරිකාව, කොරියාව සහ ජර්මනිය රටවල් මට්ටමින් ඉහලම ආසාදිතයින් වාර්තා කොට තිබේ.

එමෙන්ම Omicron BA.5 සහ එම උප ප්‍රබේද හා සම්බන්ධ නව ආසාදිතයින් සංක්‍යාව අඩුවෙමින් පවතින බවත් ඔවුන් පසුගිය සතියේ වාර්තා වූ සියලුම ආසාදිතයින්ගෙන් 35.3% ක් වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT  

New South Wales  

Northern Territory 

Queensland

South Australia 

Tasmania  

Victoria  

Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT 

New South Wales 

Northern Territory 

Queensland

South Australia 

Tasmania 

Victoria 

Western Australia

ඔබ ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT  

New South Wales 

Northern Territory 

Queensland

South Australia 

Tasmania 

Victoria 

Western Australia

ඔබ විදේශගත වීමට පෙර නවතම සංචාරක අවශ්‍යතා සහ උපදේශන පරීක්ෂා කරන්න

උපකාරක සඳහා පිවිසෙන්න

ඔබේ භාෂාවෙන් COVID-19 සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා පිවිසෙන්න


Share

3 min read

Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now