පෙනහලු වල ඇති ප්‍රෝටීනයක් මගින් COVID පාලනය කරන බව, ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් සොයා ගනී

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

ABS CPI FIGURES STOCK

People walk along Swanston Street in Melbourne, Wednesday, January 25, 2023. Source: AAP / DIEGO FEDELE/AAPIMAGE

Key Points

  • පෙනහලු වල ඇති ප්‍රෝටීනයක් කොවිඩ් වෛරසයට ඇලී එය ඉලක්කගත සෛලවලින් ඉවතට ඇද දමන බව සිඩ්නි විශ්වවිද්‍යාල විද්‍යාඥයින් පවසයි
  • මෙය පුද්ගල සිරුරේ ස්වභාවික ආරක්ෂිත බාධකයක් බව ඔවුන් පෙන්වා දෙයි
  • Omicron උප ප්‍රබේදය සඳහා වන Pfizer එන්නත් මිලියන 10ක් මාර්තු මස මුලදී ඔස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා සතිපතා වාර්තා වන නව COVID-19 ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ මරණ අඛණ්ඩව අඩුවෙමින් පවතින බව වාර්තා වේ.

ගෙවී යන සතිය පුරා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,440 ක් වාර්තා වූ අතර පෙර සතියේ ආසාදිතයින් 6,567 ක් වාර්තා විය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant පවසන්නේ, ප්‍රාන්තය තුල වෛරස සම්ප්‍රේෂණය අඩු මට්ටමක පවතින අතර XBF වඩාත් පොදු ප්‍රභේදය වන බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 2,941 ක් වාර්තා වූ අතර, එය පෙර සතියේ ආසාදිතයින් 3,056 ට සාපේක්ෂව අඩු අගයකි.

සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පවසන්නේ දෙසැම්බර් මාසයේ වාර්තා වූ වත්මන් කොවිඩ් රැල්ලේ උච්චතම අවස්ථාවෙන් පසු ආසාදිතයින් සංඛ්‍යාව 80% කට වඩා අඩු වී ඇති බවයි.

ඔස්ට්‍රේලියාවට මාර්තු මස මුලදී Omicron උප ප්‍රබේදය සඳහා වන Pfizer එන්නත් මිලියන 10ක් ලැබෙනු ඇති බවත් එය 2021 අග භාගයෙන් පසුව ඔස්ට්‍රේලියාවට ලැබෙන විශාලතම තොගය වන බවත් ඔහු පැවසීය.

පසුගිය මාස හය තුළ කොවිඩ් ආසාදනය නොවූ හෝ කොවිඩ් එන්නතක් ලබා නොගත් සියලුම වැඩිහිටියන් සඳහා ඕස්ට්‍රේලියානු රජය බදාදා අතිරේක මාත්‍රාවක් ප්‍රකාශයට පත් කිරීම සිදු කළේය.

මෙම අතිරේක කොවිඩ් එන්නත් මාත්‍රාව 2023 පෙබරවාරි 20 දා සිට නොමිලේ ලබා ගත හැක.

සිඩ්නි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින්, සිය පර්යේෂණ කටයුතු ඔස්සේ පෙනහලු වල ඇති ප්‍රෝටීනයක් සොයාගෙන තිබේ. එය COVID ආසාදනය අවහිර කරන අතර මිනිස් සිරුරේ ස්වාභාවික ආරක්ෂිත බාධකයක් එමගින් සාදන බව ඔවුන් පවසයි.

COVID-19 සහ fibrosis ඇතුලු වෛරස් ආසාදන වැලැක්වීම සඳහා නව ඖෂධ නිපදවීමට ඔවුන්ගේ සොයාගැනීම උපකාරී වනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.

මිනිස් සිරුරේ මෙවැනි ස්වාභාවික ප්‍රතිශක්තිකරණ ප්‍රතිග්‍රාහකයක් තිබීම ගැන දැනගැනීම සහ එමගින් කොවිඩ් වෛරසය පාලනය කරන බවට දැනගැනීම, ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයෙකු ලෙස තමාට සතුටට කරුණක් වන බව මහාචාර්ය Greg Neely පවසයි.

Lowy ආයතනයේ Asia Power Index හි මෑතකදී නිකුත් කරන ලද ශ්‍රේණිගත කිරීමට අනුව චීනයේ හුදකලා නීති සහ එහි zero-COVID ප්‍රතිපත්ති හේතුවෙන් ආසියාවේ බලපෑම පහත වැටී ඇති බව පෙන්වා දෙයි.

වාර්ෂික දර්ශකය පෙන්නුම් කොට ඇත්තේ ඇමරිකාව 2022 දී බලවත්ම රට ලෙස චීනය පසු කළ බවයි. එමෙන්ම ජපානය, ඉන්දියාව, රුසියාව සහ ඕස්ට්‍රේලියාව ආසියාවේ තුන්වන, සිව්වන, පස්වන සහ හයවන බලගතු රටවල් වශයෙන් සිටී.

පසුගිය දින 28 තුළ ගෝලීය වශයෙන් කොවිඩ් ආසාදිතයින් අඩු වී හෝ ස්ථාවරව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කරයි.

චීනය, ජපානය, ඇමරිකාව, කොරියාව සහ බ්‍රසීලය රටවල් මට්ටමින් ඉහලම ආසාදිතයින් වාර්තා කොට තිබේ.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT  

New South Wales  

Northern Territory 

Queensland

South Australia 

Tasmania  

Victoria  

Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT 

New South Wales 

Northern Territory 

Queensland

South Australia 

Tasmania 

Victoria 

Western Australia

ඔබ ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT  

New South Wales 

Northern Territory 

Queensland

South Australia 

Tasmania 

Victoria 

Western Australia


3 min read

Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now