20 යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සිඩ්නි හිදී හෙට ආරම්භ වීමට සියල්ල සුදානම්

Women T 20 world cup 2020

.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව 7 වැනි වරටත් සංවිධානය කරන කාන්තා 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිඩ්නි නුවරදී හෙට (21 Feb) ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මීට පෙර පැවැති ලෝක කුසලාන තරගාවලි හයටම සහභාගි වී ඇති අතර එම සෑම තරගාවලියකදීම පළමු වටයෙන්ම ඉවතට විසිවී තිබේ. 2016 වසරේ ඉන්දියාවේදී පැවැති පස්වැනි ලෝක කුසලාන තරගාවලියේදී පමණක් අයර්ලන්තය සහ දකුණු අප්‍රිකාව පරාජය කරමින් පළමු වටයේ තරග දෙකක් පමණක් ජය ලැබීය. සෙසු තරගාවලි පහේදී එක තරගයක් පමණක් ජය ලැබීය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙස සැළකෙන ශෂිකලා සිරිවර්ධන මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඇය මිට පෙර 2012, 2014 සහ 2016 යන වසරවල පැවති ලෝක කුසලාන තරඟාවලි තුනේම ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස කටයුතු කළාය.

ශ්‍රී ලංකා පිලේ දක්ෂ පිතිකාරිනියක් වන චමරි අතපත්තු මෙවර දෙවැනි වරට ශ්‍රී ලංකා විස්සයි20 පිල ලෝක කුසලාන තරගාවලියකදී නායකත්වය දරයි. මේ අතර පෙරේදා, එනම් අඟහරුවාදා (Feb 18) ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර පැවති දෙවැනි පුහුණු තරගයේදී ප්‍රබල එංගලන්ත පිල කඩුලු 10 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්ත පිල සමත්ව තිබේ.

මෙවර තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග කරන අතර ‘බී’ කාණ්ඩයට අයත් වනුයේ එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ තායිලන්තයයි. සම්පූර්ණ තරගාවලියට තරග 23 ක් ඇතුළත්ව ඇති අතර එම තරග සිඩ්නි, පර්ත්, මෙල්බර්න් සහ කැන්බරා යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පිල තම පළමු තරගය නවසීලන්ත පිලට එරෙහිව තරංග වැදීමට නියමිතයි. එය අනිද්දා එනම් 22 වැනිදා පර්ත්හි වකා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. එසේම මේ මස 24 දා පර්ත් වකා ක්‍රීඩාංගනයේදීම ශ්‍රී ලංකාව තම දෙවැනි තරගය සඳහා ඕස්ට්‍රේලියාවට සමඟ තරඟ වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා පිල තෙවැනි තරගයේදී ඉන්දියාවට එරෙහිව මේ මස 29 වැනිදා ද, සිවුවැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහිව මාර්තු මස 2 වැනිදා ද, මෙල්බන්හිදී තරග කිරීමට නියමිතය.

 

 


Share

Published

By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service