SKIP TO MAIN CONTENT

Cricket Australia ප්‍රධාන විධායක ඉල්ලා අස්වෙයි.

Cricket Australia chief executive has resigned
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Cricket Australia ආයතනයේ ප්‍රධාන විධායක James Sutherland අද (06/06) සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

නමුත් James Sutherland තම ඉල්ලා අස්වීමේ ලිපිය මාස 12 ක කල් තැබීමක් සහිතව භාර දී ඇති අතර  Cricket Australia ආයතනයේ ප්‍රධාන විධායක ධුරයට සුදුසු පුද්ගලයෙකු හමුවන තුරු ඔහු එම ධුරයේ වැඩ කටයුතු කරන බවද වාර්තා වේ.

Cricket Australia ආයතනයේ ප්‍රධාන විධායක ධුරයට James Sutherland 2001 වසරේ තේරී පත්වූ අතර එතැන් පටන් වසර 17 ක් ඔහු ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයට මහඟු සේවාවක් ඉටු කළ අයෙකි.

ක්‍රිකට් ලෝකයේ අතිශය ජනප්‍රියවූ ඔස්ට්‍රේලියාවේ Big Bash පිරිමි සහ කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලි ආරම්භ කිරීමේ මුල් පුරුකක් ලෙසද James Sutherland හැඳින්වේ.

නමුත් පසුගිය මාසයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Cameron Bancroft විසින් පන්දුව පළුදු කිරීමේ සිදුවීමක් හසුවීමෙන් අනතුරුව Cricket Australia ආයතනයට මෙන්ම James Sutherland හටද දෝෂාරෝපණ එල්ලවන්නට විය.

එම සිද්ධිය පාදක කරගනිමින් ඔස්ට්‍රේලියානු නායක Steve Smith සහ උප නායක David Warner හට මාස 12 ක තහනමක් පැනවුණු අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුවූ Darren Lehmann ඉල්ලා අස්විය.

නමුත් එවකට James Sutherland කියා සිටියේ තමන් ඉල්ලා අස්වීමට කිසිදු සූදානමක් නොමැති බවය.

කෙසේවුවත් “පන්දුව පළුදු කිරීමේ සිදුවීම” තමන්ගේ අස්වීමට කිසිදු සම්බන්ධතාවක් නොමැති බව ඔහු අද පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now