"ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණඩායම අසාර්ථක වුවත් නායකත්වයට සුදුසුම පුද්ගලයා ස්ටීවන් ස්මිත්" - ක්‍රිකට් ඕස්ට්‍රේලියා ප්‍රධාන විධායක (SBS සිංහල වාර්තා)

Australian captain Steve Smith

Australia have been skittled for just 85 at the second Test in Hobart. (AAP) Source: AAP

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වුවත්, කණ්ඩායමේ නායකත්වයට සුදුසුම පුද්ගලයා ස්ටීවන් ස්මිත් බව තමන් විශ්වාස කරන බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයේ ප්‍රධාන විධායක ජේම්ස් සදර්ලන්ඩ් පවසයි. ABC මාධ්‍ය ජලය සමග සාකච්චාවකට එක වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබිණි. ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියාව  පරාජයට පත් වූ අතර, දෙවන ටෙස්ට් තරගයේදී, ඕස්ට්‍රේලියානු පිති කරුවන් සියලු දෙනා පළමු ඉනිමේදී ලකුණු 85කට දැවී යාමත් සමගින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා නැවතත් විවේචනයට ලක්ව තිබේ.

ඕස්ට්‍රේලියාව  දකුණු අප්‍රිකාව හමුවේ ලැබූ ටෙස්ට් පරාජයත් සමගින්, පිට පිට ටෙස්ට් තරග 5ක් පරාජයට පත් වී ඇති අතර, මිට පෙර ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත් විය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය තුල මීට  පෙර මෙලෙස පිට පිට ටෙස්ට් තරග 5ක් පරාජය වී ඇති නායකයින් වන්නේ මයිකල් ක්ලාර්ක් සහ කිම් හියුස් වන අතර එම නායකයින් දෙදෙනා අතරට දැන් ස්ටීවන් ස්මිත් ද එක් වී තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අසීරු කාලයකට මුහුණ දෙමින් සිටින නමුත් නායකත්වයට සුදුසුම පුද්ගලයා ස්මිත් බව තමන් විශ්වාස කරන බවත් ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ප්‍රධාන විධායක ජේම්ස් සදර්ලන්ඩ් පවසයි. මීට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබා දුන් නායකයින් 5 දෙනාම ඇත දැකීම්  ඇතිව, වයස 29ත් 34ත් අතර කාලයේදී නායකත්වයට පත් වූ බවත් ස්මිත් ඉතා තරුණ අවධියේදී නායකත්වයට පත් වූ බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

Alan Border, Mark Taylor, Steve Waugh, Ricky Ponting, Michael Clarke  වැනි ක්‍රීඩකයින් ලොව සුපිරි පිති කරුවන් ලෙස නායකත්වයට පත් වූ බවත්, අනතුරුව ඔවුන් පිතිකරනයෙන්ද සුපිරි දක්ෂතාවයක් දැක වූ බවත් ජේම්ස් සදර්ලන්ඩ් පවසයි. බෙහෝවිට නායකත්වය වෙනස්වන වකවානුව තුල මෙවැනි අර්බුධ දක්නට ලැබෙන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

කාර්ය බහුල තරග කාලසටහන හේතුවෙන් ක්‍රීඩකයින් ටෙස්ට් තරග සදහා සුදානම් නැති බව යම්  අය ප්‍රකාශ කලද, සදර්ලන්ඩ් මහතා එම තර්කය සමග එකග නොවන බව ප්‍රකාශ කර තිබිණි. මෙම ටෙස්ට් තරගාවලියට පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායමද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සමාන තරග කාලසටහනකට මුහුණ දී ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

නායකයෙකු සහ ක්‍රීඩකයෙකු වශයෙන් ස්ටීවන් ස්මිත් පිලිබදව තමන්ට දැඩි විශ්වාශයක්  ඇති බවත්, ඔහුට සහාය  ලබා දීම වැදගත් බවත් ජේම්ස් සදර්ලන්ඩ්  මහතා සදහන් කරයි.

ඕස්ට්‍රේලියානු කණඩායමට පුහුණුකරුවන්ගේ උපදෙස් පමණට වැඩ ලැබීම (over-coached,) හෝ පුහුණුකරුවන් පසුගිය වකවානුව තුල නිරන්තරයෙන් මාරුවීම මේ තත්වයට හේතු වී ඇත් දැයි සමහරක් විචාරකයින් ප්‍රශ්න කර තිබු අතර, ඕස්ට්‍රේලියානු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණඩායමේ කුසලතා වර්ධන කළමනාකරු ( high-performance manager) Pat Howard පවසන්නේ එය පදනම් විරහිත තර්කයක් බවයි. තවද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණු කරුවන් සහ තේරීම් කමිටුව පවතින අර්බුධය හමුවේ දැඩි පීඩනයකට මුහුණ දී සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.


3 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now