SKIP TO MAIN CONTENT

T20 ලෝක කුසලානය ලබන වසරට කල් දමන ලෙසට Cricket Australia ආයතනය ICC යෙන් ඉල්ලූ ලිපිය leak වෙයි

T20 Cricket World Cup postponed to next year
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මේ වසරේ ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේදී පැවත්වීමට නියමිත 20-20 ක්‍රිකට් ලෝක කුසලානය කොරෝනා වසංගතය හේතුවෙන් ලබන වසරට කල් දමන ලෙසට Cricket Australia ආයතනය ICC යෙන් ඉල්ලීමක් කර තිබේ.

Cricket Australia ආයතනයේ සභාපති Earl Eddings විසින් මේ සම්බන්ධයෙන් ICC යට යොමු කළ රහස්‍ය ලිපිය ජනමාධ්‍ය වෙත කලින්ම පිටවීම මත මෙම තොරතුරු හෙළිවී තිබේ.

ඒ අනුව මේ වසරේ පැවත්වීමට නියමිත 20-20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන වසරේ ඔක්තෝබර් - නොවැම්බර් මාස වලදී පැවැත්වීමට Cricket Australia ආයතනය ICC යෙන් ඉල්ලීමක් කර තිබේ.

නිල නොලත් මාධ්‍ය හරහා මෙම ලිපිය පිළිබඳ තොරතුරු කලින්ම පිටවීම නිසා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ කටයුතු වල රහස්‍යභාවය පිළිබඳ ගැටළු මතුවී තිබේ.

මේ වසරේදී පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරිගමන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය සතියේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමක් කැඳවා තිබුණද මෙම රහස්‍ය තොරතුරු පිටවීමත් සමග එහි ප්‍රධාන මාතෘකාව වූයේ ICC යේ රහස්‍යභාවය රැකගැනීම පිළිබඳව බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now