ධනුෂ්ක නිවැරදිකරු බව පවසමින් සිඩ්නි අධිකරණය අවසන් තීන්දුව දෙයි

පසුගිය වසරේ T20 ලෝක කුසලාන තරගාවලිය ඔස්ට්‍රේලියාවේ පැවති අතරවාරයේදී ධනුෂ්ක ගුණතිලක Tinder නැමති Dating App එක හරහා හඳුනාගත් මෙම පැමිණිලිකාර කාන්තාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට එරට පොලිසියට යොමු කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් 2022 නොවැම්බර් 6 වැනිදා ඔහුව සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනුණි.

A man in a black suit and tie outside a courtroom.

Sri Lankan international cricketer Danushka Gunathilaka has been declared not guilty of raping a Tinder date through the act of "stealthing". Source: AAP / Dan Himbrechts

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විභාග වෙමින් තිබූ නඩුවේ අවසන් තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව අනුමැතියකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔහු වරදකරු නොවන බව නඩුව විභාග කළ Sarah Huggett විනිසුරුවරිය තීන්දුව දැනුම් දුන්නා යැයි SBS අධිකරණ වාර්තාකරු පැවසීය.

විනිසුරු Sarah Huggett, සිඩ්නි Downing Centre දිස්ත්‍රික් අධිකරණයේ මේ සම්බන්ධ සාක්ෂි දින හතරක් විභාගයට ගෙන තිබුණි.

සංසර්ගයේ අඛණ්ඩ ස්වභාවය හේතුවෙන් ඔහුට ලිංගිකව හැසිරීමේදී කොන්ඩමයක් ඉවත් කිරීමට "අවස්ථාවක් නොමැති" බව විනිසුරුවරිය අවසානයේ නිගමනය කර තිබුණි.

——————————————————————————————————————

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

______________________________________________________________________________________

සිඩ්නි වාසී කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මත ඔහුට එරෙහිව මෙම නඩුව විභාග කෙරිණි.

පසුගිය වසරේ T20 ලෝක කුසලාන තරගාවලිය ඔස්ට්‍රේලියාවේ පැවති අතරවාරයේදී ධනුෂ්ක ගුණතිලක Tinder නැමති Dating App එක හරහා හඳුනාගත් මෙම පැමිණිලිකාර කාන්තාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට එරට පොලිසියට යොමු කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් 2022 නොවැම්බර් 6 වැනිදා ඔහුව සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනුණි.

පසුව ඔහුට 2022 නොවැම්බර් 17 වන දින අධිකරණයෙන් ඇප නියම විය.

ධනුෂ්කට එරෙහිව එල්ල කළ චෝදනා

අදාළ කාන්තාව සමග ඇයගේ කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදුණු බවට චෝදනා හතරකට ඔහු පළමුව මුහුණ දී සිටියේය. නමුත් එම චෝදනා හතරෙන් තුනක් ඉවත් කරගැනීමට නිව් සවුත් වේල්ස් පොලීසිය පසුගිය මැයි 18 වන දින සිඩ්නි අධිකරණයේදී කටයුතු කළේය.

ධනුෂ්ක විසින් සංසර්ගය අතරතුරදී අයගේ කැමැත්තකින් තොරව අදාළ කාන්තාවගේ යෝනි මාර්ගයට ඇඟිලි යොදා සංසර්ගය කිරීම සහ මුඛ ආශ්‍රිත ලිංගික සංසර්ගය ආශ්‍රිතව එල්ල කළ චෝදනා තුනක් පොලීසිය විසින් මෙහිදී ඉල්ලා අස් කරගෙන තිබේ

ධනුෂ්ක බලහත්කාරව ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවත්, එම කාලය තුළ ඇගේ ගෙල වටා එක් අතක් තබා ගෙල සිරකර තැබූ බවටත් වන චෝදනාව පමණක් අවසානයේ ඉතිරි විය. 

අවසන් තීන්දුව පැහැදිලි කරමින් .......

ධනුෂ්ක කොන්ඩම් පැළඳීමට එකඟ වුවහොත් පමණක් ඔහු සමඟ ලිංගිකව එක්වීමට කැමැත්ත පළ කර ඇති බව අදාළ කාන්තාව පොලීසියට පවසා තිබේ.

පසුව ඇඳ අසල බිම තිබී කොන්ඩමය සොයාගත් බව ද එම කාන්තාව පොලිසියට පවසා ඇත.

නමුත් පැමිණිලිකාර කාන්තාවගේ සාක්ෂිවල විශ්වසනීයත්වයේ ගැටළු පැවති බවත් කොන්ඩමය බිම වැටී තිබෙනු දුටු අවස්ථාවේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පැමිණිලිකාරියට "පැහැදිලි මතකයක්" නොතිබූ බවත් විනිසුරුවරිය අවසන් තීන්දුව ලබා දෙමින් පැවසුවාය.

“එම සංසර්ගය අඛණ්ඩව සිදු වූ නිසා විත්තිකරුට සංසර්ගය අතරතුර කොන්ඩමය ඉවත් කිරීමට අවස්ථාවක් නොතිබූ බව සාක්ෂිවලින් තහවුරු වනවා,” ලෙස විනිසුරුවරිය එහිදී පැවසුවාය.

විනිසුරුවරිය විසින්, පැමිණිලිකාර කාන්තාව එම සිදුවීමෙන් පසුව ඇගේ සමීප මිතුරන් දෙදෙනෙකු සමඟ ඇය කළ දුකථන සංවාද සලකා බැලූ අතර, ධනුෂ්ක සමඟ සිදුවුණු ලිංගික ක්‍රියාකාරකම්වල රළුබව අනුව මෙම පැමිණිල්ල බලහත්කාරකමක් ලෙසට සකස් කළ බව ඉන් පෙනී යන බව නඩු තීන්දුවේදී නිගමනය කෙරින .

*****************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන්

97.7 fm NSW

93.1 fm VIC

93.3 fm QLD

96.9fm WA

105.5 fm ACT

106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now