SKIP TO MAIN CONTENT

ලොව ප්‍රමුඛ පෙලේ ක්‍රිකට් වෙබ් අඩවියක් මඟින් නම්කරනු ලැබූ පසුගිය වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට ලංකාවේ දෙදෙනෙකුත්

Lasith Malinga _ Kusal Janith Perera
Lasith Malinga _ Kusal Janith Perera Source: SBS Sinhala

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ලෝකයේ වඩාත්ම ප්‍රචලිත ක්‍රිකට් වෙබ් අඩවියක් වන ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය විසින් පසුගිය වසරේ ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම පිතිකරණය සහ පන්දු යැවීමේ අංශය සඳහා ක්‍රීඩකයින් නම් කරනු ලැබ ඇත.

එහිදී, 2019 වසරේදී හොඳම පිතිකරණ දක්ෂතාව පෙන්වූ ක්‍රීඩකයා ලෙසට කුසල් ජනිත් පෙරේරා නම්කරනු ලබා තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 153 ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට කුසල් පෙරේරා සමත්වීම හුදෙක් 2019 වසර සඳහා පමණක් නොව, වසර 142 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරාම පිතිකරුවකු විසින් කරන ලද හොඳම දස්කමක් ලෙසින් සලකනු ලබා ඇත.

එසේම වසරේ හොඳම 20-20 පන්දු යවන්නා ලෙසට ලසිත් මාලිංග නම්කොට ඇත.

පසුගිය 2019 වසරේදී නවසීලන්තයට එරෙහිව පල්ලේකැලේහිදී පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී නිලකුණු ඕවරයක්ද සමගින් තම ඕවර 4 තුලදී ලකුණු 06 ක් පමණක් ලබාදෙමින් කඩුලු 5 ක් දවාගැනීම එහිදී හොඳම විස්සයි පන්දු යැවීමේ දක්ෂතාව ලෙසට තෝරාගනු ලබා ඇත.

මිට අමතර හොඳම 20 යි 20 පිතිකරු ලෙසට ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා, හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙසට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Kemar Roach, හොඳම එක්දින ක්‍රිකට් පන්දු යවන්න ලෙසට නවසිලන්ත පිලේ මැට් හෙන්රි සහ හොඳම එක්දින ක්‍රිකට් පිතිකරු ලෙසට එංගලන්ත පිලේ ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් නම්කොට ඇත.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now