SKIP TO MAIN CONTENT

ලංකාවේ කොරෝනා රෝගීන් 50ක් : පාලනයට ඇතැම් ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය

Sri Lanka government updated the schedule for curfew
Source: Facebook

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

කොරෝනා වයිරසය අසාදිත වූ තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් 9 දෙනකු ඊයේ හඳුනාගනු ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා වෛරස රෝගීන් සංඛ්‍යාව 50 ක් ලෙසට වාර්තා වේ.

වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ අළුතින් වාර්තා වු පුද්ගලයින් 9 දෙනා අතර අවුරුද්දයි මාස පහක් වයසැති බිලිදෙකු සහ එම බිලිදාගේ මව සිටින බව තොරතුරු අනාවරණ වී තිබේ.

මේ අතර ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින් අතර කොරෝනා වෛරස ආසාදිතයින් අඛන්ඩ වම හමුවීම හේතුවෙන් එම පුද්ගලයින් වැඩි වශයෙන් වාසය කරන ප්‍රදේශ වල කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ  ප්‍රදේශ  11 කට (ආණමඩුව, සාලිය වැව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, නොරොච්චෝලේ ,කල්පිටිය, වනාතවිල්ලුව, පල්ලම, කරුවලගස්වැව), හලාවත  පොලිස් බල ප්‍රදේශයේ  ප්‍රදේශ 7 කට (ආරච්චිකට්ටුව, හලාවත, මාදම්පේ,  මාරවිල , වෙන්ප්පුව, කොස්වත්ත,දන්කොටුව) සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඊයේ පස්වරු 4.30 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කොට ඇත.

කෙසේ වෙතත් ඊයේ මෙම ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා තාවකාලිකව ඉවත් කොට යලි පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිස් මුලස්ථානය නිවේදනය කොට සිටි.

.
.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now