ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරිවල සතිපතා COVID-19 රෝගීන් අඛණ්ඩව ඉහළ යන නමුත් නත්තලට පෙර සිව්වන රැල්ල ඉහළ යා හැකි බවට බලධාරීහු විශ්වාස කරති.
සිකුරාදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොවිඩ් රෝගීන් 40,194 ක් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ 27,790 ක් වාර්තා වූ අතර පසුගිය සතිය හා සසඳන විට එය පිලිවෙලින් 6% ක හා 3% ක වැඩිවීමකි.
ලබන සතියේ කොවිඩ් රෝගීන්ගේ උපරිමයක් අපේක්ෂා කරන අතර රෝගීන් අඩු වනු ඇති බව NSW ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනි වෛද්‍ය Kerry Chant පැවසුවාය.
Celebrity Eclipse මෙම කෲස් නෞකාව මගීන් 3000 කට ආසන්න පිරිසක් රැගෙන නවසීලන්ත සංචාරයක් නිම කිරීමෙන් පසු සිඩ්නි වෙත ළඟා වී තිබේ.
මෙම නෞකාව කොවිඩ් ආසාදිතයින් නිසා tier 2 ලෙස වර්ගීකරණය කර ඇත.
පුද්ගලයන් 1,000 කට ධනාත්මක රෝගීන් 30-99 ක් සිටින අතර කාර්ය මණ්ඩලය හෝ සම්පත් ඉන් බලපෑමට ලක්ව ඇති බව එයින් අදහස් කරයි.
බ්‍රහස්පතින්දා, Majestic Princess නමැති තවත් කෲස් නෞකාවක් tier 2 වර්ගීකරණයක් සහිතව සිඩ්නි නුවරට පැමිණියේය.
කොවිඩ් සඳහා ධනාත්මක රෝගීන් සමඟ තවත් නැව් දෙකක් සිඩ්නි වෙත පැමිණීමට අපේක්ෂා කෙරේ. කෙසේවෙතත්, නැව් දෙකෙහිම කොවිඩ් පැතිරීමේ මට්ටම අඩු යැයි ඇස්තමේන්තු කර ඇත.
COVID-19 සහ අනෙකුත් අභියෝග මධ්‍යයේ වුවද ප්‍රාන්තයේ රජයේ රෝහල්වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වෙමින් පවතින බව NSW Health කියා සිටියේය.
රෝගීන්ගෙන් 65.6% ක් නියමිත වේලාවට ප්‍රතිකාර ආරම්භ කළ අතර රෝගීන් 10 දෙනෙකුගෙන් හත් දෙනෙකුට වඩා (සියයට 74.8) විනාඩි 30 ක ඉලක්කයක් තුළ ගිලන්රථයෙන් හදිසි සේවා කාර්ය මණ්ඩලය වෙත මාරු කරන ලදී.
තමා COVID-19 ධනාත්මක බව අගමැති Anthony Albanese සඳුදා නිවේදනය කළේය.
ඔහු දැනට ස්වයං නිරෝධායනය වී සිටී. ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි ඔක්තෝබර් 14 වන දින අනිවාර්ය COVID හුදකලා කිරීම අවසන් කරන ලදී.
සිව්වන COVID-19 රැල්ල සහ ඊට ඔස්ට්‍රේලියාවේ සූදානම පිළිබඳව ජාතික කැබිනට් මණ්ඩලය අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
Moderna ගිනිකොනදිග මෙල්බර්න් හි සිය mRNA එන්නත් නිෂ්පාදනාගාරය ඉදිකිරීම ආරම්භ කර ඇත. මෙම නිෂ්පාදනාගාරය මගින් වාර්ෂිකව එන්නත් මාත්‍රා මිලියන 100ක් දක්වා නිපදවිය හැක.
නව නිෂ්පාදනාගාරය සහ mRNA තාක්ෂණය ඕස්ට්‍රේලියාවට අනාගතය සඳහා එහි වසංගත සූදානම සහ හෘද වාහිනී සහ ශ්වසන වැනි වෙනත් රෝග සඳහා උපකාරී වනු ඇති බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.
චීනය සිය zero-COVID ප්‍රතිපත්තියට එරෙහි මහජන විරෝධතාවලින් පසුව එහි දැඩි COVID සීමා කිරීම් කිහිපයක් අහෝසි කිරීමට පටන් ගෙන තිබේ.නිරෝධායන කඳවුරුවල නොව චීන වැසියන්ට දැන් නිවසේ හුදකලා විය හැකිය.
නව සතිපතා ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව පෙර සතියට සාපේක්ෂව පසුගිය සතියේ 17% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නොවැම්බර් 28 සිට දෙසැම්බර් 4 දක්වා කාලය තුළ නව කොවිඩ් මරණ 7,800 කට වඩා වාර්තා විය.
ඇමෙරිකාව, ජපානය, බ්‍රසීලය, ඉතාලිය සහ ප්‍රංශය රටවල් මට්ටමින් සතිපතා වැඩිම නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කර ඇත.
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

