ඊයේ (21/10) රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය

Sri Lanka government updated the schedule for curfew

Source: Facebook

ගම්පහ දිස්ත්‍රික්කයට ඊයේ (21/10) රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කොට ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කොට තිබේ.

මේ අතර covid 19 පැතිරීම වැළක්වීමේ අරමුණින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 6 ක් හුදෙකලා කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගොරකගොඩ, බෙරගම, අගලවත්ත, දාපිලිගොඩ, කැකුලන්ද උතුර යන ග්‍රාම නිලධාරි වසම් ද ඊට අමතරව පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙල්ලන ග්‍රාම නිලධාරි වසම ද මෙලෙස හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

එසේම covid 19 නවතම පොකුරක් කුලියාපිටිය ප්‍රදේශයෙන් හඳුනාගැනීම නිසා පෙරේදා දිනයේ සිට පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශයන්ට ද නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබ තිබේ.


1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now