SKIP TO MAIN CONTENT

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට කුණාටු : නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයට තද වැසි සමඟින් ගංවතුර

Cyclone
Cyclone

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මෙම වසරේදී මෙරට ගොඩබිමට බලපාන පළමු ප්‍රභල නිවර්තන සුළිකුනාටුව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණෙයි. ඊයේ දිනයේදී (6 Feb) ප්‍රාන්තයට බලපෑ වර්ෂා තත්වය අද දිනයේදී (7 Feb) තවත් ප්‍රභල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සුලිකුනාටුව ඩේමියන් ලෙසින් නම්කොට ඇති අතර එය අද දිනයේදී බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පිල්බරා වෙරල තිරයට බලපානු ඇති බවත් එහිදී එය 4 වන ඛණ්ඩය දක්වා ප්‍රභල වනු ඇති බවටද කාලගුණ කාර්යාංශය අනාවැකි පලකොට ඇත. අද සහ හෙට යන දින දෙක තුල (6, 7 Feb) සුළගේ වේගය පැයට කිලෝමීටර 150 ක් දක්වා වැඩි වනු ඇත.

එසේම ඩැම්පියර් සහ වලාල් අතර වෙරළ තීරයේ බරපතල ගංවතුර තත්ත්වයක් සමඟ මිලිමීටර් 300 ක වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. හෙට දිනයේදී මෙම ඩේමියන් සුලිකුනාටුව පෝට් හෙඩ්ලන්ඩ් සහ ඔන්ස්ලෝ අතර ප්‍රාන්තයේ වෙරළ තීරයට ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයට තද වැසි 

මේ අතර නිව් සවුත්වේල්ස් ප්‍රන්තයටද දරුණු වර්ෂාපතනයක් සහිත කාලගුණයක් බලපෑ ඇතැයි කාලගුණ කාර්යාංශය පවසයි.

වෙරළ බඩ කලාපයේ දකුණු වොලොංගොං සිට ලිස්මෝර් දක්වා කලාපය ට දරුණු කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත්කොට තිබේ. එසේම සිඩ්නි, වොලොංගොං සහ නිව්කාසල් යන නගර, ගංවතුරට ගොදුරු විය හැකි අවධානමක්ද පවතින බව කාලගුණ කාර්යාංශය පවසයි.

කටූම්බා හි නිරිත දෙසින්, නායයෑම් පිළිබඳ අවධානමක් ද මතුව ඇත. එසේම මුහුද රළු වන බැවින් යාත්‍රා භාවිතයෙන් වලකින ලෙසට නිව් සවුත්වේල්ස් ප්‍රන්ත නාවික අංශය අනතුරු අඟවා සිටි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now