ක්වීන්ස්ලන්ත “Debbie” සුළි කුණාටුවෙන් පසුව විපතට පත් ප්‍රදේශ යුධ පිටි වෙයි. (09:00 AEDT)

Cyclone Debbie: Bowen area 'looks like a war zone,' mayor says

Source: SBS

ක්වීන්ස්ලන්තයට පැමිණි Debbie සුළි කුණාටුව හේතුවෙන් Bowen, Airlie වෙරළ සහ Proserpine ප්‍රදේශ වල සිට උතුරු ක්වීන්ස්ලන්තයට දිවෙන මාර්ග සියල්ලක්ම පාහේ අවහිර වී ඇති බව වාර්තා වේ.

නමුත් මේ වන තෙක් Daydream දූපත් හෝ Whitsundays කලාපය ආශ්‍රිතව තුවාල කරුවන් පිළිබඳ වාර්තා නොවූ බවද ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk අද (29/03) උදෑසන පැවසුවාය.

ඊයේ (28/03) රාත්‍රියේ පටන් නිවාස 58,000 කට පමණ විදුලිය අහිමිව ගොස් ඇති අතර ඇතැම් දේපළ වලට බරපතල ලෙස හානි සිදුව ඇති බව වාර්තා වේ.

Debbie සුළි කුණාටුවෙන් සිදුවූ ආර්ථික හානිය විශාල එකක් බවත් හදිසි සේවා අංශ හානියට පත් දේපළ තක්සේරු කිරීමට අදාළ දේපළ හිමියන්ට සහය වන බවද ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk පැවසුවාය.

Whitsundays කලාපයේ නගරාධිපති පවසන පරිදි කුණාටුවෙන් පසුව එම ප්‍රදේශය යුධ පිටියක් ලෙස දිස් වන බව පැවසීය.

කෙසේවෙතත්, අද (29/03) අළුයම 3 පමණ වන විට සුළි කුණාටුවේ චණ්ඩ බව ක්‍රමයෙන් අඩුවූ බවද මේ වන විට එය නිරිත දිග කලාපය වෙත ගමන් කරමින් පවතින බවත් ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය වාර්තා කරයි.

එනමුත්, ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වලට තවමත් අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවට අනතුරු අඟවා තිබේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now