ක්වීන්ස්ලන්තයේ “Debbie” සුළි කුණාටුව තවත් දරුණු වන ලකුණු.

Cyclone Debbie set to intensify as it nears Queensland's north coast

Source: SBS

වසර 6 කට පසුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට නැවතත් දරුණු සුළි කුණාටු තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇත.

උතුරු ක්වීස්ලන්තයට පැමිණි මෙම සුළි කුණාටුව “Debbie” නමින් නම් කර තිබේ.

2011 වසරේ පැමිණි “Yasi” සුළි කුණාටුවෙන් පසුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණී මෙම “Debbie” සුළි කුණාටුව අද (27/03) අලුයම 2 ට පමණ category 2 ගණයේ තිබු අතර එය අද සවස වන විට category 3 ගණයට පැමිණේවි යැයි අපේක්ෂිතය.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශ වල ජනතාව දහස් ගණනක් එම ප්‍රදේශ වලින් ඉවත් කර ඇති අතර පාසල් සහ විශ්ව විද්‍යාලද වසා දමා ඇති බව වාර්තා වේ.

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඇතැම් ගුවන් ගමන් ද අවලංගු කර ඇති බව සඳහන්.

Townsville, Ayr, Mackay සහ Whitsunday දූපත්ද Collinsville ඇතුළු Bowen ඇතුළු ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

මේ අතර හෙට (28/03) දිනයේදී Rollingstone සහ Proserpine ප්‍රදේශ අතරින් ගොඩ බිම දෙසට මෙම සුළි කුණාටුව පැමිණීමේදී category 4 ගණයට පත් වේවි යැයිද අපේක්ෂිතය.

ප්‍රාන්ත හදිසි සේවා කාර්ය මණ්ඩලයේ 1000 කට අධික ප්‍රමාණයක් හා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයින් මානුෂීය සහන සැලසීමට මේ වන විටත් ස්ථානගත කර ඇති බව ක්වීන්ස්ලන්ත ගිනි නිවීම් සහ හදිසි සේවා කොමසාරිස් Katarina Carroll පැවසුවාය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now