SKIP TO MAIN CONTENT

අන්තවාදී සංවිධාන මුස්ලිම් ජාතිකයන්ගේ මනස විකෘති කරනවා - අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මල්වතු හිමියන්ට කියයි.

Minister Faiszer Musthapha visited Malwathu Chapter.
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ජාතිවාදී අදහස් දරන පුද්ගලයන් අතර ඇතැම් දේශපාලඥයින්  ජාතිවාදී ගැටලු මතුකිරීම සදහා  උත්සහ දරන බව දැකිය හැකි යැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පැවසූහ.

සිංහළ බෞද්ධ ජනතාවට වෙනත් ජාතියක් සමග අරගල කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති නමුත් ජාතිවාදී අදහස් දරන ඇතමුන් ජනතාව ඒ වෙනුවෙන් පොළඹවන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා හමුවේ නායක හිමියෝ මේ බව පැවසුහ.

මහනුවරට ඊයේ (15/03) පැමිණි  අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක පසුගිය දිනවල පැවැති නොසන්සුන්තාව පිළිබදව සිය අදහස් පළ කළේය.

අන්තවාදී සංවිධාන ලෝකයේ විවිධ රටවලට ගොස් මුස්ලිම් ජාතිකයන්ගේ මනස විකෘති කොට ජාතිවාදය ව්‍යාප්ත කරන නමුත් ශ්‍රී ලංකාවේ එවැනි සංවිධානවලට කිසිදු අයුරකින් ක්‍රියාත්මකවීමට ඉඩ නොතබන බව කී අමාත්‍යවරයා මහා නායක හිමියන් හමුවේ මෙසේ ද සදහන් කළේය.

"රජවරුන් රට පාලනය කරන යුගවල සිට සිංහළ හා මුස්ලිම් ජනතාව ඉතා මිත්‍රශ්‍රීලීව ජීවත්වුණා. ඔවුන් අතර ගැටුමක් තිබුණේ නැහැ. මහනුවර මීරක්කම් මුස්ලිම් පල්ලිය පවා ඉදිකර තිබෙන්නේ සිංහලයන් සතු පූජනීය ඉඩමක. මුස්ලිම් ජනතාව කිසිදු අවස්ථාවක මේ රටේ කොටසක් බෙදා දෙන ලෙස ඉල්ලා සිටියේ නැහැ. නමුත් ජාතිවාදි පිරිස් ජාතිවාදය මතුකර ව්‍යාප්ත කරනවා. මුස්ලිම් ජාතිකයන් අතර පමණක් නොව සිංහල හා දෙමළ ජනතාව අතර ද ජාතිවාදීන් ඉන්නවා. මෙම ගැටුම ව්‍යාප්ත කිරීමට මුල් වූ සුළු පිරිස, සිංහළ හා මුස්ලිම් ජන දෙකොට්ඨාශය අතර විරසක තත්ත්වයක් ඇති කිරීමට උත්සහ කරනවා. නමුත් ඔවුන්ගේ දුර්මත සමාජයෙන් තුරන් කිරීම සදහා සියලු ජාතින්ගේ නියෝජනයෙන් යුතු පුළුල් කථිකාවතක් සකස් විය යුතුයි."


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now