බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගය අද රාත්‍රී ඉන්දියාවේ කල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර මෙමෙ කණ්ඩායම් දෙකම 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසකම් ලැබූ දෙවන වතාව මෙයයි.
20-20 ලෝක කුසලාන ඉතිහාසය තුල කෙදිනකවත් කොදෙව්වන් එංගලන්තය හමුවේ පරාජය පත් වී නොමැති අතර, 2009 වසරේ සිට මේ දක්වා තරග 4කට සහභාගී වී එම තරග 4ම ජය ගැනීමට කොදෙව්වන් සමත් වී තිබේ.
මෙවර තරගාවලිය තුල කණ්ඩායම් දෙකම සහභාගී වූ තරග 5න් එක් තරගයක් පමණක් පරාජයට පත් වී තරග 4 බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවීම විශේෂ සිදුවීමක්.
මෙවර විස්සයි විස්ස තරගවලිය තුල කොදෙව් කණ්ඩායම් සහ එංගලන්තය අතර මිට පෙර පවතී තරගයෙන් කඩුලු 6ක දැවැන්ත ජයක් හිමි කරගන්නට කොදෙව්වන් සමත් විය.
කාසියේ වාසිය
මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේ කොදෙව් දේශය සහභාගී වූ තරග 5දීම ඔවුන් කාසියේ වාසිය හිමි කටගත් අතර, එම තරග 5දීම ඔවුන් දෙවනුව පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙලෙස ලකුණු පසුපස හඹා ගොස් කොදෙව් කණ්ඩායම සහභාගී වූ තරග 5න් හතරක් ජය ගැනීමට ඔවුන් සමත් වූ අතර, පරාජයට පත් වුයේ ඇෆ්ගනිස්ථාන තරගය පමණි.
ප්‍රහාරාත්මක පිතිහරඔය
මෙවර තරගාවලිය පුරාවට කොදෙව්වන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඔය කැපී පෙනුණු සාධකයක් බවට පත් වූ අතර සමස්ත තරගාවලිය තුලදී ඔවුන් හයේ පහර 36ක් එල්ල කරන්නට සමත් වී තිබේ, එංගලන්තය හයේ පහර 34ක් තරගාවලිය තුල එල්ල කර ඇති බව සදහන්.
අනාවැකි
එංගලන්තය සහ කොදෙව් දේශය අතර පැවැත්වෙන මෙම තරගය පිලිබදව අනාවැකි පැවසීම ඉතා අපහසු කාරණයක් වුවත්, මේ පිලිබදව අදහස් දැක්වූ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක, ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක ඉයන් චැපල් පවසන්නේ 55%ක් මෙම තරගය ජයගැනීමේ අවස්ථාව කොදෙව් කණ්ඩායමට ඇති බවත්, එංගලන්ත කණ්ඩායම මෙම තරගය ජයගැනීමට ඇති ප්‍රතිශතය 45%ක් බවත්ය.

