SKIP TO MAIN CONTENT

මුල්‍ය දුෂ්කරතා හේතුවෙන් ශ්‍රී ලංකා - කොදෙව් ක්‍රිකට් තරග කාලසටහනට බලපෑම්.

Sri Lanka tour of West Indies.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණදෙමින් සිටින මුල්‍ය දුෂ්කරතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ තරග කල සටහන වෙනස් විය හැකි බව ESPNCricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම සංචාරය යටතේ දෙරට අතර ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිත වුවත් මේ තත්වය මත ටෙස්ට් තරග දෙකක් පමණක් පැවැත්වීමට බටහිර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

තවද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ පිලිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවත් සංචාරය පෙර සැලසුම් කල පරිදි ක්‍රියාත්මක කිරීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුලය දායකත්වයක් ලබාදිය හැකි දැයි ඔවුන් විමසා ඇති බවත් ESPNCricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය එළබෙන 30 වැනිදා පැවැත්වීමට නියමිත පුහුණු තරගයෙන් ආරම්භ වීමට නියමිත අතර, දැනට ප්‍රකාශිත තරග කාලසටහන අනුව පළමු ටෙස්ට් තරගය එළබෙන ජුනි 6 වැනිදා ආරම්භ වීමට නියමිතය.

කෙසේ වෙතත් අවසන් තරග කාලසටහන එළබෙන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වෙයි.  


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now