බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණදෙමින් සිටින මුල්‍ය දුෂ්කරතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ තරග කල සටහන වෙනස් විය හැකි බව ESPNCricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම සංචාරය යටතේ දෙරට අතර ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිත වුවත් මේ තත්වය මත ටෙස්ට් තරග දෙකක් පමණක් පැවැත්වීමට බටහිර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
තවද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ පිලිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවත් සංචාරය පෙර සැලසුම් කල පරිදි ක්‍රියාත්මක කිරීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුලය දායකත්වයක් ලබාදිය හැකි දැයි ඔවුන් විමසා ඇති බවත් ESPNCricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය එළබෙන 30 වැනිදා පැවැත්වීමට නියමිත පුහුණු තරගයෙන් ආරම්භ වීමට නියමිත අතර, දැනට ප්‍රකාශිත තරග කාලසටහන අනුව පළමු ටෙස්ට් තරගය එළබෙන ජුනි 6 වැනිදා ආරම්භ වීමට නියමිතය.
කෙසේ වෙතත් අවසන් තරග කාලසටහන එළබෙන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වෙයි.