SKIP TO MAIN CONTENT

පාකිස්ථානයේ මීලග අගමැති ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පත්වන ලකුණු

Imran Khan
Source: AAP

1 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS


Skip to article content

පාකිස්ථානයේ මහා මැතිවරණය ඊයේ දිනයේදී පැවති අතර, බොහෝ විට එහි ජයග්‍රහණය හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයට හිමිවනු ඇති බවට අනාවැකි පලවී තිබේ. මේ වන විට සියයට 30ක් ජන්ද ගණන් කිරීම නිමාවට පත්වී ඇති බවත් ඒ අනුව ඉම්රාන් ඛාන්ගේ පක්ෂ ඉදිරියෙන් සිටින බවත් ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි.

ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස මැතිවරණය ඉදිරිපත් වූ හිටපු අගමැති Nawaz Sharif මේ වන විට බන්ධනාගාර ගත කර ඇති අතර, ඔහු පවසන්නේ මෙම මැතිවරණය දුෂිත මැතිවරණයක් බවයි. ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ජයග්‍රහණය පිළිබද දැඩි විශ්වාශයකින් යුතුව සිටින නමුත් බහුතර ආසන සංඛ්‍යාවක් ඔවුන්ට ජයගත හැකිවේද යන්න තවමත් ගැටළු සහගත කරුණක්. කෙසේ වෙතත් මැතිවරණයේ වසන් ප්‍රථිපල අද සවස් වරුවේ නිකුත් වීමට නියමිත බව සදහන්.

මේ අතර ඊයේ දිනයේදී ක්‍රියාත්මක වූ පකිස්ථානු මහා මැතිවරණයත් සමගින් ජන්ද මධ්‍යස්ථානයක් අසලදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 31 දෙනෙකුවත් ජිවිතක්ෂයට පත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබිණි. මීට පෙර මේ මස මුලදී එම ප්‍රාන්තය තුල සිදු වූ තවත් බෝම්බ ප්‍රහාරයකින් 149 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර මෙම ප්‍රහාර දෙකේම වගකීම IS සටන් කාමීන් විසින් භාරගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now