SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේදී තරගාවලිය පරාජයට පත්වීමට ප්‍රධානතම හේතුව එහි පැවති කාලගුණයයි: ලසිත් මාලිංග

Malinga explain the reason behind the whitewashed in Australia
Source: AFP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත 20-20 ක්‍රිකට් ලෝක කුසලානයට තරගකාරී කණ්ඩායමක් ලෙස සහභාගී වීමටනම් වේගවත් තණතීරු වලට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉක්මණින් අනුගත විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු රොමේෂ් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව පාකිස්තානයේදී පැවති  20-20 තරගාවලියේදී 3-0 ක් ලෙස පාකිස්තානු කණ්ඩායම පරාජයට පත් කළද ඔස්ට්‍රේලියාව සමග පැවති තරගාවලියේදී 3-0 ක් ලෙස දැවැන්ත පරාජයකට මුහුණ පෑවේය.

ඔස්ට්‍රේලියාව වැනි රටක පවතින වේගවත් තණතීරු වල ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පුහුණුව ලබා දිය යුතු බවත් ඒ හරහා ඔවුන්ට ආත්ම විශ්වාසය ගොඩනගා ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ප්‍රධාන පෙළේ වෙබ් අඩවියක් වන espncricinfo වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර පසුගිය ඔස්ට්‍රේලියානු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තේරීම පිළිබඳව ද මේ වන විට විවේචන එල්ලවෙමින් තිබේ.

පාකිස්තානු සංචාරයේ මෙන්ම ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ පිළ සමග පැවති පුහුණු තරගයේදී පවා ඉතා හොඳින් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ සහ ඕෂධ ප්‍රනාන්දු පළමු 20-20 තරගයෙන් අනතුරුව දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදීම මෙහිදී කැපී පෙනෙන අඩුපාඩුවක් ලෙසට espncricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ අතර තරගාවලි පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (03/11) ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔස්ට්‍රේලියාවේදී තරගාවලිය පරාජයට පත්වීමට ප්‍රධානතම හේතුව එහි පැවති කාලගුණය බව කටුනායක ගුවන් තොටුපොළේදී ශ්‍රී ලංකා 20-20 කණ්ඩායම් නායක ලසිත් මාලිංග මාධ්‍ය වෙත පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now