SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියානු 2 වන ටෙස්ට් තරගය - බවුන්සර් පන්දුවකින් දිමුත්ව කැන්බරා රෝහලට.

2nd Test, Sri Lanka tour of Australia at Canberra
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද දිනය (02/02) අවසන් වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 කට ලකුණු 123 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර කඩුලු 5 කට ලකුණු 534 ක් ලබා සිටියදී ඔවුන් සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Joe Burns, Travis Head සහ Kurtis Patterson ශතක වාර්තා කළෝය.

අගනා ලකුණු 308 ක සම්බන්ධතාවක් පවත්වාගෙන යාමෙන් ඔස්ට්‍රේලියාවට ශක්තිමත් ස්ථාවරයක් ලැබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 46 ක්ද ලහිරු තිරිමාන්න ලකුණු 41 ක්ද ලබා ගත්තෝය.

පන්දුවට පහර දෙන අතරතුරේ Pat Cummins ගේ බවුන්සර් පන්දුවක් දිමුත් කරුණාරත්නගේ ගෙළෙහි පිටුපස වැදීමෙන් ඔහුව රෝහලට ගෙන යාමට සිදු විය.

එනිසාම තරගය විනාඩි 15 ක් පමණ ප්‍රමාද වූ අතර ඔහුගේ තත්ත්වය මේ වන විට යහපත් මට්ටමේ පවතින බව වාර්තා වේ.

හෙට තරගයේ තුන්වන දිනය වන අතර ශ්‍රී ලංකාව මේ වන විට ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 411 ක් පිටුපසින් සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now