SKIP TO MAIN CONTENT

සිම්බාබ්වේ පරාජයෙන් අවසන් තරගය සදහා සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහලට

Zimbabwe's Sikandar Raza, right, plays a shot, as Bangladesh's wicketkeeper Mushfiqur Rahim cups his hands during the Tri-Nation one-day international cricket series against Bangladesh in Dhaka, Bangladesh, Tuesday, Jan. 23, 2018. (AP Photo/A.M. Ahad)
Zimbabwe's Sikandar Raza, right, plays a shot, as Bangladesh's wicketkeeper Mushfiqur Rahim cups his hands during the Tri-Nation ODI Source: AAP Image/AP Photo/A.M. Ahad

1 min read

Published

By Sanjaya Dissanayake


Skip to article content

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන් මහා තරග බලාපොරොත්තු තවදුරටත් ඉහළ දමමින් ඊයේ (23 දා) පැවැති තරගයෙන් සිම්බාබ්වේ පරදා ලකුණු 91 ක ජයක්‌ ලැබීමට සත්කාරක බංග්ලාදේශය සමත් විය.

 

 ඊයේ තරගයත් සමගින්  සිම්බාබ්වේ කණ්‌ඩායම තරගාවලියේ මූලික වටයේදී සහභාගි වූ තරග හතරම අවසන් වූ අතර ඔවුන්ට ජය ගත හැකිවූයේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය පමණි.

 

 කෙසේ වෙතත් සිම්බාබ්වේ කණ්‌ඩායමට අවසන් මහා තරගයට පැමිණීමට නම් තවත් සුළු අවස්‌ථාවක්‌ ඉතිරිව ඇති අතර එහිදී හෙට පැවැත්වෙන බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව අතර තරගය අඩු ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක්‌ සහිතව ශ්‍රී ලංකාව පරාජය විය යුතුයි. යම් හෙයකින් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ අගයක් තබා ගනිමින්  ශ්‍රී ලංකාව හෙට තරගය පරාජය වුවද අවසන් මහා තරගයට සුදුසකම් ලැබීමේ  අවස්‌ථාවක්‌ මේ වන විට නිර්මාණය වී තිබේ.

මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (25 බ්‍රහස්පතින්දා ) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය, බංග්ලාදේශයේ මිර්පුර් හිදී තරග වැදීමට නියමිතයි.

මේ වන විටත් බංග්ලාදේශය තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර අවසන් මහා තරගය 27 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now